Last Update  :  2025-07-26 19:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බෝනර් - හෝල්ඩර් කොදෙව් පිල ඇදගෙන යති
ඇන්ටිගුවා ටෙස්ට් තරගය

බෝනර් - හෝල්ඩර් කොදෙව් පිල ඇදගෙන යති

editorial - 2022 මාර් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචඞ්ස් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවැනි දිනය (9 වැනිදා) අවසන් වන විට සිය පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි කොදෙව්වෝ, කඩුලූ 4 ක් දැවී ලකුණු 202 ක් ලබා එංගලන්තයට වඩා ලකුණු 66 ක් පසුපසින් සිටියහ. 

දෙවැනි දිනය සඳහා තරගය නතර කරන විට න්කෘමා බෝනර් නොදැවී ලකුණු 34 ක්ද, ජේසන් හෝල්ඩර් නොදැවී ලකුණු 43 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටි අතර ඒ වන විට ඔවුන් දෙදෙනා එක්ව කොදෙව් ඉනිමේ පස්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනගා තිබූ නොබිඳුණ සම්බන්ධතාව ලකුණු 75 කි. 

මුලූ ලකුණු සංඛ්‍යාව 83 ක් වන විට ජෝන් කැම්බල් ලකුණු 35 කට දවාගැනීමට ක්‍රෙග්  ඕවර්ටන් සමත් වූ අතර ශාමර් බෘක්ස් ලකුණු 18 කට දැවී ගියේ බෙන් ස්ටෝක්ස්ගේ පන්දුවක් හමුවේ නායක ජෝ රූට් අතට උඩ පන්දුවක් දෙමිනි. ඉන් අනතුරුව පිටියට පිවිසි ජර්මේස් බ්ලැක්වුඞ්ට ලබාගත හැකි වූයේද ලකුණු 11 ක් පමණි. 

නායක ක්‍රෙග් බ‍්‍රැත්වේට් හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 55 ක් රැුස්කළ අතර අර්ධ ශතකය ලබාගැනීමෙන් අනතුරුව මාක් වුඞ්ගේ පන්දුවක් හමුවේ ක්‍රෙග්  ඕවර්ටන් අතට උඩ පන්දුවක් දෙමින් බ‍්‍රැත්වේට් දැවී ගියේය. 

පළමු දිනය වූ පෙරේදා (8 වැනිදා) තරගය නතර කරන විට කඩුලූ 6 ක් දැවී ලකුණු 268 ක් ලබා සිටි එංගලන්ත පිතිකරුවෝ ඊයේ දිනයේදී සිය දෙවැනි ඉනිමට තවත් ලකුණු 43 ක් එක්කර ගත්හ. ශතකයක් ලබා සිටි ජොනී බෙයාස්ටෝ ඊයේ ලකුණු 140 කට දැවී ගිය අතර අල්සාරි ජෝෂප්ගේ පන්දුවක් හමුවේ දැවී යන විට බෙයාස්ටෝගේ ඉනිම හතරේ පහර 21 කින් සමන්විත වී තිබිණ. 

එංගලන්ත පළමු ඉනිම - සියලූ දෙනා දැවී 311 
(ඩැනියෙල් ලෝරන්ස් 20, බෙන් ස්ටෝක්ස් 36, ජොනී බෙයාස්ටෝ 140, බෙන් ෆෝක්ස් 42, කි‍්‍රස් වෝක්ස් 28, ජේඞ්න් සීල්ස් 79/4, ජේසන් හෝල්ඩර් 24/2, අල්සාරි ජෝෂප් 70/2, කේමර් රෝච් 86/2) 

බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිම - කඩුලූ 4 ක් දැවී 202 
(ක්‍රෙග් බ‍්‍රැත්වේට් 55, ජෝන් කැම්බල් 35, න්කෘමා බෝනර් නොදැවී 34, ජේසන් හෝල්ඩර් නොදැවී 43)

-036


අදහස් (0)

බෝනර් - හෝල්ඩර් කොදෙව් පිල ඇදගෙන යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.