Last Update  :  2025-07-26 19:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බෙංගලූරු තණතීරුවට අගති ලකුණක්

බෙංගලූරු තණතීරුවට අගති ලකුණක්

editorial - 2022 මාර් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර 2 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය පැවැති, ලද බැංගලෝරයේ චින්නස්වාමි ක්‍රීඩාංගණයේ තණතීරුව අපේක්‍ෂිත තත්වයට වඩා පහත් මට්ටමක පැවති බවට තරග තීරත ජවගල් ශ්‍රීනාත් මහතා වාර්තාවක් ලබාදී තිබේ. මේ බව තහවුරු කරමින් අන්තර්ජාතික ක්‍රිකට් සභාව මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ තණතීරූ සහ තණතීරුවෙන් පිටත ප්‍රදේශය නිරීක්‍ෂණය කිරීමේ ක්‍රියාදාමය යටතේ චින්නස්වාමි ක්‍රීඩාංගණයට අගති ලකුණක් නියම කර තිබේ.

”පළමු දිනයේදීම තණතීරුව බොහෝ දෝලනයක් පෙන්නුවා. ඒත් සෑම අවස්ථාවකදීම එය වැඩිදියුණු වුනා. ඒ කොහොම වුණත්, මගේ මතය අනුව, මේ තණතීරුව පිත්ත සහ පන්දුව අතර සමාන තරඟයකට අවස්ථාව දුන්නේ නෑ” තරග තීරක ජයගාල් ශ්‍රීනාත් මහතාගේ වාර්තාවේ සඳහන් වේ.

මෙම වාර්තාව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත යොමු කර ඇති බවද එම අයි.සී.සී. නිවේදනයේ සඳහන් වේ.

බැංගලෝර්හිදී පැවැති දෙවැනි ටෙස්ට් තරගය ලකුණු 238 කින් ජයගත් ඉන්දියාව තරග දෙකකින් සමන්විත තරගාවලිය 2-0 ක් ලෙස ජය ගත්තේය.

රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම දිවා රාත්‍රී ටෙස්ට් තරගයේ 3 වන දිනය ආරම්භ කරන විට ජයග්‍රහණයට කඩුලු 9 ක් අවශ්‍යව තිබූ අතර ඔවුන් පැය 3 ක පමණ කාළයක් ඇතුළත තම භූමියේදී ඔවුන්ගේ ආධිපත්‍යය පැතිර වීමට සමත් වූහ.

පන්දු යවන්නන්ට උචිත තණතිරූවක් වුවද ශ්‍රී ලංකාව වෙනුවෙන් නායක දිමුත් කරුණාරත්න විශිෂ්ට පිතිහරඹයක නිරත වෙමින් සිය 14 වැනි ටෙස්ට් ශතකය වාර්තා කළේය. කුසල් මෙන්ඩිස් වේගවත් අර්ධ ශතකයක් ලබා ගත්තේය. නමුත් ඔවුන්ගේ එම දස්කම් අපතේ යවමින් ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි ඉනිමේදී ලකුණු 208 කට දැවී ගිය හෙයින් තරගාවලියේ 2-0 ක් ලෙස ජයගැනීමට ඉන්දියාව සමත් විය. සත්කාරක ඉන්දියානුවන් පළමු ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 222 කින් ජයගෙන තිබුණී.

දඟපන්දු යවන්නන්ට බොහෝ සෙයින් සහය වූ සහ පිතිහරඹයට කිසිසේත්ම පහසු නොවූ තණතීරුවක අර්ධ ශතක දෙකක් ලබාගත් ශ්‍රේයාස් අයියර් තරගයේ වීරයා ලෙස නම් කෙරුණී.

- 2079

 


අදහස් (0)

බෙංගලූරු තණතීරුවට අගති ලකුණක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.