Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්තයට එරෙහිව බර්මින්හැම්හි එජ්බැස්ටන් ක්‍රීඩාංගණයේදී ඊයේ (9 වැනිදා) පැවැති දෙවැනි විස්සයි-20 තරගයෙන් ලකුණු 49 ක ජයක් වාර්තා කිරීමට සංචාරක ඉන්දීය කණ්ඩායම සමත් විය. මෙම ජයත් සමග දෙරට අතර පැවැත්වෙන විස්සයි-20 තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම 2-0 ක් ලෙස ජයගැනීමටද ඉන්දීය කණ්ඩායමට හැකි විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 171 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත කණ්ඩායමට ඕවර 17 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 121 ක් පමණි. එංගලන්ත ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටි ඩේවිඩ් විලී පන්දු 22 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 33 ක් රැස්කළද ඔහුට සිය කණ්ඩායම පරාජයෙන් ගළවාගත නොහැකි විය.
මුලු ලකුණු සංඛ්‍යාව 11 ක් වන විට ආරම්භක පිතිකරුවන් දෙදෙනාම (ජේසන් රෝයි සහ ජොස් බට්ලර්) පිටියෙන් ඉවත් කළ බුවනේෂ්වර් කුමාර්, ආරම්භයේදීම එංගලන්ත කණ්ඩායම අමාරුවේ දැමීය. නිලකුණු ඕවරයක්ද සමග ඕවර 3 ක් යැවූ බුවනේෂ්වර්, එහිදී ලකුණු 15 කට කඩුලු 3 ක් දවාගනිමින් තරගයේ වීරයා ලෙසද සම්මාන ලැබීය.
මුයින් අලී පන්දු 21 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 35 ක් රැස්කරමින් එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් විය. ඩේවිඩ් මලාන‍් පන්දු 25 කදී හයේ පහර 2 ක් සමග ලකුණු 19 ක්ද, ලයෑම් ලිවිංග්ස්ටන් පන්දු 9 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 15 ක්ද රැස්කළහ.
පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 170 ක් ලබාගත් අතර එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ රවින්ද්‍ර ජදේජා පන්දු 29 කින් නොදැවී ලකුණු 46 ක් රැස්කළේ හතරේ පහර 5 ක් සමගිනි. හිටපු නායක විරාට් කෝලිට පන්දු 3 කදී ලබාගත හැකි වූයේ එක් ලකුණක් පමණි.
රෝහිත් ශර්මා (31) සහ රිෂාබ් පාන්ට් (26) පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 29 කදී ලකුණු 49 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ඉන්දීය කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ. පන්දු 20 කට මුහුණදුන් ශර්මා හයේ පහර 2 කින් සහ හතරේ පහර 3 කින් සිය ඉනිම සැරසූ අතර පන්දු 15 කදී වාර්තා වූ පාන්ට්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් විය.
ඉන්දියාව - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 170
(රෝහිත් ශර්මා 31, රිෂාබ් පාන්ට් 26, සූර්යකුමාර් යාදව් 15, රවින්ද්‍ර ජදේජා නොදැවී 46, රිචඩ් ග්ලීසන් 15/3)
එංගලන්තය - ඕවර 17 කදී සියලු දෙනා දැවී 121
(ඩේවිඩ් මලාන් 19, ලයෑම් ලිවිංග්ස්ටන් 15, මුයින් අලී 35, ඩේවිඩ් විලී නොදැවී 33, බුවනේෂ්වර් කුමාර් 15/3, ජස්ප්‍රීට් බුම්රා 10/2, යුස්වේන්ද්‍ර චාහල් 10/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.