Last Update  :  2025-05-10 11:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බට්ලර් - චාහල් රාජස්ථාන් පිල දිනවති
අයි.පී.එල්.- 2022

බට්ලර් - චාහල් රාජස්ථාන් පිල දිනවති

editorial - 2022 අප්‍රේ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 30 වැනි තරගය ලෙස කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර මුම්බායිහිදී අද (18 වැනිදා) පැවැතිත තරගයෙන් ලකුණු 7 ක තියුණු ජයක් වාර්තා කිරීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් විය. මේ දක්වා තරග 6 කට ක්‍රීඩා කර ඇති රාජස්ථාන් කණ්ඩායම එහිදී ලැබූ සිවුවැනි ජය මෙය විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 218 ක ඉලක්කයක් හඹාගිය කොල්කටා කණ්ඩායමට ඕවර 19.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 210 ක් පමණි. එහිදී මෙවර තරගාවලිය තුළ පන්දු යවන්නකු දැක්වූ ඉහළම දක්ෂතාව ප්‍රදර්ශනය කළ යුස්වේන්ද්‍ර චාහල් ලකුණු 40 කට කඩුලු 5 ක් බිඳහෙළමින් කොල්කටා කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළේය. ඊට කඩුලු ත්‍රිත්වයක්ද ඇතුළත් විය.

දක්ෂ පිතිහරඹයක නිරත වූ කොල්කටා නායක ශ්‍රෙයාස් අයියර් පන්දු 51 කදී ‍හයේ පහර 4 ක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 85 ක් රැස්කිරීමට සමත් වුවද, ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය. ආරම්භක පිතිකරු ඒරන් ෆින්ච් (58) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 53 කදී ලකුණු 107 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද අයියර් සමත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ඕවර 20 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 217 ක් ලබාගත්තේය. මෙවර තරගාවලියේදී සිය දෙවැනි ශතකය ලබාගත් ආරම්භක පිතිකරු ජොස් බට්ලර් පන්දු 61 කින් ලකුණු 103 ක් රැස්කළේ හයේ පහර 5 ක් සහ හතරේ පහර 9 ක් සමගිනි. දෙව්දූත් පඩික්කල් (24) සමග එක්ව ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 58 කදී ලකුණු 97 ක් එක් කිරීමටද බට්ලර් සමත් විය.

පන්දු 18 කදී වාර්තා වූ පඩික්කල්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් වූ අතර නායක සංජු සැම්සන් පන්දු 19 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 38 ක්ද, ශිම්රන් හෙට්මෙයර් පන්දු 13 කදී හ‍යේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 26 ක්ද රැස්කරමින් රාජස්ථාන් ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.

රාජස්ථාන් රෝයල්ස් පිල - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 217
(ජොස් බට්ලර් 103, දෙව්දූත් පඩික්කල් 24, සංජු සැම්සන් 38, ශිම්රන් හෙට්මෙයර් 26, සුනිල් නරේන් 21/2)

කොල්කටා නයිට්රයිඩර්ස් පිල - ඕවර 19.4 කදී සියලු දෙනා දැවී 210
(ඒරන් ෆින්ච් 58, ශ්‍රෙයාස් අයියර් 85, නිතිෂ් රානා 18, උමේෂ් යාදව් 21, යුස්වේන්ද්‍ර චාහල් 40/5, ඔබෙඩ් ‍මැකෝයි 41/2)


-036

 


අදහස් (0)

බට්ලර් - චාහල් රාජස්ථාන් පිල දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.