Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (4 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට සිය පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 75 ක් ලබා සිටියේය. ඒ අනුව බංග්ලාදේශය කොදෙව් පිලට වඩා ලකුණු 355 ක් ඉදිරියෙන් සිටිති.
දෙවැනි දිනය සඳහා තරගය නතර කරන විට ආරම්භක පිතිකරු ක්‍රේග් බ්‍රැත්වෙයිට් හතරේ පහර 7 ක් සමග ලකුණු 49 ක්ද, කෲමා බෝනර් හතරේ පහර හතරේ පහර 2 ක් සමග ලකුණු 17 ක්ද ලබා නොදැවී පන්දුවට පහර දෙමින් සිටියහ. දිනය නිමාවන විට ඔවුන් දෙදෙනා එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනගා තිබූ නොබිඳුණ සම්බන්ධතාව ලකුණු 51 කි.
කොදෙව් කණ්ඩායමේ බිඳවැටුණ කඩුලු දෙකටම හිමිකම් කීමට මුස්ටෆිසුර් රෙහමාන් සමත් වූ අතර ඔහුගේ පන්දු හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමින් ජෝන් කැම්බල් ලකුණු 3 කටත්, ෂේන් මූස්ලි ලකුණු 2 කටත් දැවී ගියහ.
පළමු දිනය වූ ඊයේ (3 වැනිදා) තරගය නිමාවන විට කඩුලු 5 ක් දැවී ලකුණු 242 ක් ලබා සිටි බංග්ලාදේශ ක්‍රීඩකයෝ ඊයේ දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 188 ක් එක්කර ගත්හ. තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ මංගල ශතකය ලබාගැනීමට මෙහෙදි හසන් සමත් වූ අතර ඔහුගේ ඉනිමට හතරේ පහර 13 ක් ඇතුළත් විය.
බංග්ලාදේශ පළමු ඉනිම - සියලු දෙනා දැවී 430
(ශද්මන් ඉස්ලාම් 59, නජ්මුල් හොසේන් 25, මොමිනුල් හක් 26, මුෂ්ෆිකුර් රහීම් 38, සකීබ් අල් හසන් 68, ලිටන් දාස් නොදැවී 38, මෙහෙදි හසන් 103, තයිජුල් ඉස්ලාම් 18, නයීම් හසන් 24, ජොමේල් වැරිකන් 133/4, රකීම් කෝන්වෝල් 114/2)
බ.ඉ. කොදෙව් පළමු ඉනිම - කඩුලු 2 ක් දැවී 75
(ක්‍රේග් බ්‍රැත්වේට් නොදැවී 49, කෘමා බෝනර් නොදැවී 17, මුස්තෆිසුර් රහමන් 18/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.