Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
රහ්මනුල්ලා ගුර්බාස්ගේ (නොදැවී 106) ශතකයක්, පන්දු යවන්නන්ගේ දක්ෂතාවයත් හේතුවෙන් බංග්ලාදේශයට එරෙහිව චැටෝග්‍රෑම්හිදි පැවැති තෙවැනි සහ අවසන් එක්දින තරගය කඩුලු 7 කින් ජයගැනීමට ඇෆ්ගනිස්තානය සමත්විය. අවසන් තරගය පරාජයට පත්වුවද තරගාවලිය 2-1 ක් ලෙස ජයගැනීමට බංග්ලාදේශය සමත්විය.
ඇෆ්ගනිස්තාන විසින් එක්දින ජාත්‍යන්තර තරගයකදී බංග්ලාදේශය පරාජය කළ සිව්වැනි අවස්ථාව ලෙස වාර්තා වන්නේය. ජයග්‍රහණය සඳහා ලකුණු 193 ක ඉලක්කයක් හඹාගිය ඇෆ්ගනිස්තානය ඕවර 40.1 කදී කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය පසුකර ගියේය.
අනර්ඝ ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු රහ්මනුල්ලා ගුර්බාස් පන්දු 110 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 7 ක් සමගින් නොදැවී ලකුණු 106 ක් රැස්කරමින් ඇෆ්ගනිස්තාන කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්විය.
රහ්මත් ෂා පන්දු 67 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 47 ක් සහ රියාස් හසන් පන්දු 49 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 35 ක් ලබාගනිමින් ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ජයග්‍රහණයට දායක වූහ.
කාසියේ වාදිය දිනා පළමුව පන්දුවට බංග්ලාදේශයට ඕවර 46.5 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 192 ක් පමණි.
ආරම්භක පිතිකරු ලිටන් දාස් පන්දු 113 කදී හතරේ පහර 7 ක් සමගින් ලකුණු 86 ක් ද, සකීබ් අල් හසන් ලකුණු 30 ක් සහ මහ්මුදුල්ලා ලකුණු 29 ක් ද ලබාගත් නමුත් සෙසු පිතිකරුවන්ට ලකුණු අතරට ඒමට ඇෆ්ගනිස්තාන පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් හිමි නොවූහ.
රෂීඩ් ඛාන් කඩුලු 3 ක් සහ මොහොමඩ් නබී කඩුලු 2 ක් දවාගනිමින් බංග්ලාදේශ පිතිකරුවන් මෙල්ල කිරීමට සමත්වූහ.
බංග්ලාදේශය - ඕවර 46.5 කදී සියලුදෙනා දැවී 192
(ලිටන් දාස් 86, සකීබ් අල් හසන් 30, මහ්මුදුල්ලා 29, රෂීඩ් ඛාන් 37/3, මොහොමඩ් නබී 29/2)
ඇෆ්ගනිස්තානය - ඕවර 40.1 කදී කඩුලු 3 ක් දැවී 193
(රහ්මනුල්ලා ගුර්බාස් නොදැවී 106, රියාස් හසන් 35, රහ්මත් ෂා 47, මෙහෙදි හසන් 37/2)
2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.