Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ඩකාහි ශ්‍රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය (12 වැනිදා) නිමාවන විට සිය පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 105 කට කඩුලු 4 ක් අහිමිකර ගනිමින් අසීරූ තත්වයක සිටින්නේය.
ඒ අනුව කොදෙව් පිල පළමු ඉනිම සඳහා රැස්කළ ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු 304 ක් පසුපසින් මේ වනවිට පසුවන බංග්ලාදේශය පිට පිට දෙවැනි වරටත් පන්දුවට පහරදීමෙන් වැලකීමට නම් තවත් ලකුණු 105 ක් ලබාගත යුතුව ඇත.
මුෂ්ෆිකූර් රහීම් ලකුණු 27 ක් සහ මොහොමඩ් මිතුන් ලකුණු 6 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටින අතර ඔවුන් දෙදෙනා එක්ව පස්වැනි කඩුල්ල සඳහා ලකුණු 34 ක සම්බන්ධතාවයක් ගොඩනඟා ඇත.
ආරම්භක පිතිකරු ටමීම් ඉක්බාල් ලකුණු 44 ක් ලබාගත්තද, මුළු ලකුණු සංඛ්‍යාව 11 ක් වනවිට සෞම්‍ය සර්කාර් සහ නජ්මුල් හුසේන් පිටියෙන් ඉවත් කිරීමට ශැනන් ගේබි්‍රයල් සමත්විය. ලකුණු 21 ක් රැස්කර සිටියදී නායක මොමිනුල් හක් පිටියෙන් ඉවත් කිරීමට රකීම් කෝන්වෝල සමත්විය.
පළමු දිනට ඊයේ තරගය අවසන් කරනවිට කඩුලු 5 ක් දැවී ලකුණු 223 ක් රැස්කර සිටි බටහිර ඉන්දීය කොදෙව් පිල අද දිනයේදී ඉතිරි කඩුලු 5 ලකුණු 186 ක් තුල අහිමිකර ගත්තේය.
ලකුණු 74 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටි කෘමා බෝනර්ගේ ඉනිමට තවත් ලකුණු 16 ක් එක්වන විට මෙහෙදි හසන්ගේ පන්දුවකට මොහොමඩ් මිතුන් හට උඩපන්දුවක් දෙමින් ඔහු දැවී ගියේය. පන්දු 209 කට මුහුණදුන් කෘමා බෝනර්ගේ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 90 ක් ලබාගත්තේය.
පළමු දිනය අවසන් වනවිට ලකුණු 22 ක් ලබාගනිමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටි අනෙක් පිතිකරුවා වූ ජොෂුවා ද සිල්වා අද දිනයේදී සිය අර්ධ ශතකය ලබාගත්තද ශතකය පෙනි පෙනී දැවී ගියේය. තයිජුල් ඉස්ලාම්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් ජොෂුවා ද සිල්වා දැවීයන විට පන්දු 187 කට මුහුණදී සිටි ඔහු හතරේ පහර 10 ක් සමගින් ලකුණු 92 ක් ලබාගත්තේය.
තවත් අර්ධ ශතකයක් ලබාගනිමින් කොදෙව් ඉනිම ශක්තිමත් කිරීමට අල්සාරී ජෝසප් සමත්වූ අතර අබු ජයේද්ගේ පන්දුවකට ලිටන් දාස් අතට ලබාදුන් උඩපන්දුව හේතුවෙන් ඔහුගේ ඉනිම ලකුණු 82 කට අවසන් විය. පන්දු 108 කට මුහුණදුන් අල්සාරී ජෝසප්ගේ ඉනිමට හයේ පහර 5 ක් සහ හතරේ පහර 8 ක් ඇතුළත් විය.
කෘමා බෝනර් සමගින් 6 වැනි කඩුල්ල සඳහා ලකුණු 88 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ ජොෂුවා ද සිල්වා, ඉන් නොනැවතී 7 වැනි කඩුල්ල සඳහා අල්සාරී ජෝසප් සමගින් තවත් ලකුණු 118 ක සම්බන්ධතාවයක්ද ගොනැගීය.
අබු ජයේද් සහ තයිජුල් ඉස්ලාම් කඩුලු 4 බැගින් බිඳහෙළමින් බංග්ලාදේශය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිම - සියලුදෙනා දැවී 409
(ක්‍රෙග් බ්‍රැත්වේට් 47, ජෝන් කැම්බල් 36, කෘමා බෝනර් 90, ජර්මේයින් බ්ලැක්වුඩ් 28, ජොෂුවා ද සිල්වා 92, අල්සාරී ජෝසප් 82, අබු ජයේද් 98/4, තයිජුල් ඉස්ලාම් 108/4)
බංග්ලාදේශය පළමු ඉනිම - කඩුලු 4 ක් දැවී 105
(ටමීම් ඉක්බාල් 44, මොමිනුල් හක් 21, මුෂ්ෆිකූර් රහීම් නොදැවී 27, ශැනන් ගේබ්‍රියල් 31/2)
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.