Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය (3 වැනිදා) නිමාවන විට සිය පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 242 ක් ලබා සිටියේය.
පළමු දිනය සඳහා තරගය නතර කරන විට සකීබ් අල් හසන් හතරේ පහර දෙකක් සමග ලකුණු 39 ක්ද, ලිටන් දාස් හතරේ පහර හතරේ පහර 6 ක් සමග ලකුණු 34 ක්ද ලබා නොදැවී පන්දුවට පහර දෙමින් සිටියහ.
දක්ෂ පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු ශද්මන් ඉස්ලාම් හතරේ පහර 6 ක් සමග සිය දෙවැනි ටෙස්ට් අර්ධ ශතක සම්පූර්ණ කළ අතර ජොමේල් වැරිකන්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමින් දැවී ගියේය.
ඉන් නොනැවතුන වැරිකන්, බංග්ලාදේශ නායක මොමිනුල් හක් ලකුණු 26 කටත්, මුෂ්ෆිකුර් රහීම් ලකුණු 39 කටත් දවාගැනීමටද සමත් විය.
බංග්ලාදේශ පළමු ඉනිම - කඩුලු 5 කට 242
(ශද්මන් ඉස්ලාම් 59, නජ්මුල් හොසේන් 25, මොමිනුල් හක් 26, මුෂ්ෆිකුර් රහීම් 38, සකීබ් අල් හසන් නොදැවී 39, ලිටන් දාස් නොදැවී 34, ජොමේල් වැරිකන් 58/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.