Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඩර්බන් නුවරදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී දකුණු අප්‍රිකානු දෙවැනි ඉනිම ලකුණු 204 කට සීමාකළ බංග්ලාදේශ පන්දු යවන්නෝ දකුණු අප්‍රිකාවේදී ටෙස්ට් ජයක් ලබාගැනීමේ අවස්ථාවට ආසන්න වී සිටිති. තරගය ජයගැනීම සඳහා බංග්ලාදේශයේ ඉලක්කය ලකුණු 274 කි.
ජයගත හැකිවුවහොත් බංග්ලාදේශය දකුණු අප්‍රිකාවේදී ලබාගන්නා පළමු වැනි ටෙස්ට් ජයද එයම වනු ඇත. කෙසේ වෙතත් අද සවස පැවැති මන්දාලෝකය හේතුවෙන් තරගය නතර කරන විට දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ ලකුණු 11 කට බංග්ලාදේශයේ කඩුලු 3 ක් බිම දමා තිබිණ.
දෙවැනි ඉනිමේදී කඩුල්ලක් දැවී ලකුණු 116 ක් ලබා සිටි දකුණු අප්‍රිකානුවෝ ලකුණු 88 ක් ඇතුළත කඩුලු 9 ක් අහිමි කරගත්හ. මෙහෙදි හසන් මිරාස් (85/3), එබාදත් හොසේන් (40/3) සහ ටස්කින් අහමඩ් (24/2) කඩුලු බෙදාගත්හ. ඩීන් එල්ගා (64) මෙම තරගයේදී දෙවැනි අර්ධ ශතකයත් ලබාගත් නමුත් ඔහුට සෙසු පිතිකරුවන්ගෙන් ලද සහාය අල්ප විය. රයාන් රික්ල්ටන් නොදැවී ලකුණු 39 ක් ලබා සිටියදී, අවසන් පිතිකරුවෝ තිදෙනාම පන්දු 7 ක් ඇතුළතදී දැවී ගියහ.
දකුණු අප්‍රිකාව - පළමු ඉනිම 367 යි
බංග්ලාදේශය - පළමු ඉනිම 298 යි
දකුණු අප්‍රිකාව - දෙවැනි ඉනිම 204 යි
(ඩීන් එල්ගා 64, කීගන් පීටර්සන් 36, රයාන් රික්ල්ටන් නොදැවී 39, මෙහෙදි හසන් මිරාස් 85/3, එබාදත් හොසේන් 40/3, ටස්කින් අහමඩ් 24/2)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.