Last Update  :  2025-06-28 14:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පූරන් ජාත්‍යන්තර තරග බිමෙන් සමුගනී

පූරන් ජාත්‍යන්තර තරග බිමෙන් සමුගනී

editorial - 2025 ජුනි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වහාම ක්‍රියාත්මක වන පරිදි තමා ජාත්‍යන්තර ක්‍රිකට් තරග බිමෙන් සමුගන්නා බව තවමත් 29 වැනි වියේ පසුවන බටහිර ඉන්දීය කොදෙව් ප්‍රවේගකාරී පිතිකරු නිකලස් පූරන් පවසයි. 

මින් වසර 9 කට පෙර 2016 වසරේදී ජාත්‍යන්තර වරම් දිනාගත් පූරන්, මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 61 කදී සහ විස්සයි-20 තරග 106 කදී බටහිර ඉන්දීය කොදෙව් පිල නියෝජනය කර ඇත. 

එහිදී එක්දින ශතක 3 ක් සහ අර්ධ ශතක 11 ක් සමග 39.66 ක සාමාන්‍යයක් රඳවාගනිමින් ලකුණු 1983 ක් රැස්කරගෙන ඇති ඔහු, විස්සයි-20 අර්ධ ශතක 13 ක් සමග ලකුණු 2275 ක් රැස්කරගෙන අත්තේ 26.14 ක සාමාන්‍යයක් රඳවාගනිමිනි. 

අවසන් වරට ඉකුත් වසරේ (2024) දෙසැම්බර් මාසයේදී බංග්ලාදේශයට එරෙහිව විස්සයි-20 තරගයකට ක්‍රීඩා කළ පූරන්, අවසන් වරට එක්දින තරගයකට ක්‍රීඩා කළේ 2023 වසරේ ජූලි මාසයේදී ශ්‍රී ලංකාවට එරෙහිවය. 

කෙසේ වුවත් ඔහු තවදුරටත් පුද්ගලික හිමිකාරීත්වයන් දරන කණ්ඩායම් ක්‍රීඩා කරන තරගාවලි සඳහා සහභාගි වීමට නියමිත අතර ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියට සහභාගි වීම හේතුවෙන් ඔහු එංගලන්ත - කොදෙව් විස්සයි-20 තරගාවලියද මඟ හැරියේය. 

පුද්ගලික හිමිකාරීත්වයන් දරන කණ්ඩායම් ක්‍රීඩා කරන තරගාවලි සඳහා සහභාගි වීමේ අරමුණින් ජාතික කණ්ඩායමෙන් සමුගත් පළමු ක්‍රීඩකයා පූරන් නොවන අතර මීට සති කිහිපයකට පෙර දකුණු අප්‍රිකානු ක්‍රීඩක හෙන්රිච් ක්ලාසන්ද එවැනිම තීරණයක් ගත්තේය. 

“කොදෙව් කණ්ඩායමට ලබාදුන් ජයග්‍රහණයන් වෙනුවෙන් අපි ඔහුට ආචාර කරන අතරම ඒ තුළින් ක්‍රීඩා ලෝලීන්ට ලබාදුන් ආශ්වාදයට අපි ඔහුට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම ඔහුගේ අනාගතයට අපි සුබ පතනවා.” යැයි පූරන්ගේ සමුගැනීම සම්බන්ධයෙන් කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය පැවසීය. 

-036


අදහස් (0)

පූරන් ජාත්‍යන්තර තරග බිමෙන් සමුගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.