Last Update  :  2025-07-28 15:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පුහුණු සංස්කෘතිය නවීකරණය කරයි

පුහුණු සංස්කෘතිය නවීකරණය කරයි

editorial - 2022 ජන මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

මිකී ආතර් මහතාගේ ඉවත්ව යාමෙන් පසුව, ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩාවට සම්පූර්ණයෙන්ම නවීකරණය වූ පුහුණු සංස්කෘතියක් හඳුන්වාදීමට කටයුතු සූදානම් කරගෙන යයි. අරවින්ද ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් උපදේශක මණ්ඩලයේ පූර්ණ මැදිහත්වීම මත හඳුන්වාදීමට යන මෙම ක‍්‍රමවේදයට අනුව ජාතික මට්ටමේ සිටින දේශීය පුහුණුකරුවන්ට පවා, දස්කම් අනුව තමන් රැඳී සිටින මට්ටමෙන් ඉහළට යාමේ ක‍්‍රමවේදයක් නිර්මාණය වෙයි.

”කි‍්‍රකට් කී‍්‍රඩාවට අදාළව උපාධියක්, නැත්නම් පුහුණු පාඨමාලා හෝ ඩිප්ලෝමා අරගෙන පුහුණුකරුවෙක් හැටියට කි‍්‍රකට් ආයතනයට බැඳෙන්න පුළුවන්. ඒත් බැඳුණායින් පස්සේ එහෙම බැඳෙන පුහුණුකරුවන්ගේ දක්‍ෂතා පැහැදිළිව පේන්න තියෙන්න  ඕනා... ” යයි මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය.

”අතීතයේ ලබාගත්ත සුදුසුකම් වලින් හැමදාම රැඳෙන්න බෑ... පුහුණුකරුවෙක් වුණාම තරග දිනලා තමන්ගේ තරම (දස්කම්) පෙන්වන්නත්  ඕනේ. එහෙම තමයි  ඕනම ක්ෂේත‍්‍රයකදී ඉදිරියට යන්න පුළුවන්” යයිද ඈෂ්ලි ද සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.

මිකී ආතර් මහතාගේ වසර දෙකක කාලය ඉකුත්වීමෙන් පසුව ඔහුගේ කාලය දීර්ඝ නොකිරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කළේය. කණ්ඩායමේ සිටි සෙසු සහාය කාර්ය මණ්ඩල නිලධාරීන්ගේත් කාලය දීර්ඝ නොකිරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර තිබේ.

ශී‍්‍ර ලංකා කණ්ඩායම වෙනුවෙන් නවතම පුහුණු සංස්කෘතියක් හඳුන්වාදීම එහි අරමුණ වී තිබේ. එබැවින් ශී‍්‍ර ලංකා කණ්ඩායමට අමතරව ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායමටද ප‍්‍රධාන පුහුණුකරුවකු සඳහා දැන්වීම් පළකර තිබේ.  නැගී එන කණ්ඩායමට සහාය පුහුණුකරුවකු සොයන අතර ජාතික කණ්ඩායමේ පිතිහරඹ පුහුණුකරු, පන්දු යැවීමේ පුහුණුකරු සහ පන්දු රැකීමේ පුහුණුකරු යන සියලූ තනතුරු සඳහා දැන්වීම් පළකර තිබේ.

උසස් දස්කම් මධ්‍යස්ථානය හරහා ශී‍්‍ර ලංකාවේ පුහුණුකරුවන් වඩාත් ඉහළ තලයකට ගෙන ඒම ශී‍්‍ර ලංකා කි‍්‍රකට් උපදේශක මණ්ඩලයේත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේත් ඒකාබද්ධ අරමුණ වී තිබේ. එය වසර හතරක පමණ කාලයක සිට හඳුන්වාදීමට උත්සාහ කළ නමුත් විවිධ හේතු මත කල් දැමෙමින් පැවතිණ.
”තමන්ට  ඕන දේ නිර්භයව කරන්න පුහුණුකරුවන්ටත් අවස්ථාවක් තියෙන්න  ඕනේ”

”පුහුණුකරුවෙක් වුණාම, එක එක කී‍්‍රඩකයන් මත යැපෙන්න  ඕන නෑ. එහෙම ගියාම තමයි ඒ ඒ කී‍්‍රඩකයන් තමන්ගේ වාසියට දේවල් හදාගන්නේ” යයි මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් උපදේශක මණ්ඩලයේ සභාපති අරවින්ද ද සිල්වා මහතා පැවසීය.

”අනෙක අපි පාසල් කී‍්‍රඩකයන්ගේ ඉඳලා ජාතික මට්ටමට නැත්නම් අන්තර්ජාතික මට්ටම දක්වාත් කී‍්‍රඩකයන් නිර්මාණය කරනවා. ඒත් අපේ පුහුණුකරුවන්ට වෙන්නේ මොනවාද ?.. පුහුණුකරුවන්ටත් ඒ වගේ අවස්ථා තියෙන්න  ඕනා” යයිද අරවින්ද ද සිල්වා මහතා පැවසීය.

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ හිටපු නායකයන් වන රොෂාන් මහානාම සහ කුමාර් සංගක්කාර දෙදෙනාත්, මුත්තයියා මුරලිදරන් මහතාත් කි‍්‍රකට් උපදේශක මණ්ඩලයේ සෙසු සාමාජිකයෝ වෙති.

ශී‍්‍ර ලංකාවේ ජාතික කි‍්‍රකට් කණ්ඩායමේ පුහුණුකරු තනතුර අපේක්‍ෂාවෙන් අයැදුම්පත් 40 කට ආසන්න සංඛ්‍යාවක් ලැබී තිබිණ. එහෙත් කි‍්‍රකට් උපදේශක කමිටුවේ නිර්දේශ මත ඒවා 17 ක් දක්වා අඩුකරන ලද අතර  පසුව එක් එක් අපේක්‍ෂකයන්ගේ අයැදුම්පත් සහ සුදුසුකම් සම්බන්ධයෙන් තවදුරටත් සලකා බැලීමෙන් පසුව එය 8 ක් දක්වා තවදුරටත් අඩු කරන ලදි.

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ උපදේශක පුහුණුකරු මහේල ජයවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැුස්වූ 6 දෙනකුගෙන් සමන්වත කමිටුවක් විසින් ගෙවී ගිය සති අන්තයේදී අවසන් ගොන්නට එක්වූ පුහුණුකරුවන් 8 දෙනාගෙන 6 දෙනකු සම්මුඛ සාකච්ඡුාවකට ලක්කරන ලදි. ඉතිරි දෙදෙනාත් ඉක්මනින්ම සම්මුඛ සාකච්ඡුාවට ලක්කිරීමෙන් පසුව මේ මාසය මැදදී නව පුහුණුකරුවා පත්කිරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පිඹුරු පත් සකස් කරමින් සිටී.

කෙසේ වෙතත් තව දෙසතියකින් ආරම්භ වන ශී‍්‍ර ලංකා - සිම්බාබ්වේ එක්දින තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමට තාවකාලික පුහුණුකරුවකු පත්කිරීමට නියමිතය. ඒ සඳහා හිටපු පුහුණුකරුවකු වන රුමේෂ් රත්නායක මහතා තෝරාගැනීමට නියමිත බවද දැනගන්නට ඇත.

මේ අතර ශී‍්‍ර ලංකා ජාතික කණ්ඩායමේ පුහුණුකරු තනතුර සඳහා ඉල්ලූම් කර සිටි දකුණු අපි‍්‍රකානු ජාතික ලාන්ස් ක්ලූස්නර් මහතා අවසන් මොහොතේදී සිය ඉල්ලූම්පත‍්‍රය ඉල්ලා අස්කරගෙන තිබේ. ”පෞද්ගලික හේතුන්” මත තමන් සිය අයැදුම්පත ඉල්ලා අස්කර ගන්නා බව ක්ලූස්නර් මහතා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට දැනුම් දී තිබේ.

 


අදහස් (0)

පුහුණු සංස්කෘතිය නවීකරණය කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.