
(සංජීව ධර්මසේන - ජපානයේ ටෝකියෝ නුවර සිට)
බෙලරුසියානු ක්‍රීඩිකා ක්‍රිස්ටියානා සිමානොස්කායාට ඔලිම්පික් ක්‍රීඩා උළෙල අතරතුර දේශපාලන පලිගැනීමකට ලක්කළ බවට චෝදනා එල්ල වූ එරට පුහුණුකරුවන් දෙදෙනෙකුගේ ඔලිම්පික් හිමිකම් පත්‍රය ගලවා, ඔවුන් දෙදෙනා ඔලිම්පික් ගම්මානයෙන් නෙරපා හැරීමට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව අද (06දා) කටයුතු කළේය.
ඔලිම්පික් උළෙල ආරම්භයේ සිටම වත්මන් බෙලරුසියානු ඔලිම්පික් කමිටුවේ ක්‍රියාකලාපයට එරෙහිව දැඩි දෝෂාරෝපණ එල්ල වූ අතර, එරට බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ප්‍රසිද්ධියේම ඔවුන්ව දැඩිව විවේචනය කරනු ලැබූහ. සිමානොස්කායා ද එළෙස විරෝධතා දැක් වූ ක්‍රීඩිකාවකි.
විරෝධතා දැක්වූවන්ට බෙලරුසියානු පාලනය විසින් දැඩිලෙස කෙණෙහිළිකම් කළ අතර, ජපානයට පැමිණි සිමානොස්කායාව ඇගේ අකමැත්තෙන්ම කණ්ඩායමෙන් ඉවත් කිරීමටද බෙලරුසියානු ක්‍රීඩා බළධාරිහු කටයුතු කළහ.
බෙලරුසියාවේ ඔලිම්පික් කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ, එරට රජයේ ජනාධිපතිවරයාගේ පුතෙකු බැවින් ඔවුන්ගේ දේශපාලන අතපෙවීම් සිමානොස්කායාට බලපෑවේය. අවසානයේ ඇයව සිය රට බලා අකමැත්තෙන්ම පිටත්කර හැරීමට එරට ක්‍රීඩා බලධාරින් කටයුතු කළහ.
කෙසේ නමුත් ගුවන් තොටුපළේදී, ඊට විරුද්ධ වූ ඇය සිය රටට යා නොහැකි බව පවසමින් ජපාන පොලීසියේ ආරක්ෂාව පැතීය. ඒ අනුව ඇගේ ආරක්ෂාව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ භාරයට ගැණුනු අතර, අවසානයේ පෝලන්ත රජය ඇගේ රැකවරණය වෙනුවෙන් ඉදිරිපත් විය.
ඔලිම්පික් ගම්මානයෙන් නෙරපාහරිනු ලැබූ පුහුණුකරුවන් දෙදෙනා, සිමානොස්කායා කණ්ඩායමෙන් ඉවත්කිරීමට ඍජූවම මැතිහත් වූ දෙදෙනෙක් වෙති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.