Last Update  :  2025-07-27 21:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පුලිනගේ පන්දු යැවීම මහනුවරට ජය ගෙනෙයි
එන්.එස්.එල් එක්දින තරගාවලිය

පුලිනගේ පන්දු යැවීම මහනුවරට ජය ගෙනෙයි

editorial - 2022 පෙබ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පුලින තරංග (29/6) ඇතුළු පන්දු යවන්නන්ගේ දක්ෂතාවය හේතුවෙන් ගාල්ල පිලට එරෙහිව පී.සරා ඕවල් ක්‍රීඩාංගණයේදී අද (1 වැනිදා) පැවැති නැෂනල් සුපර් ලීග් තරගාවලියේ 10 වැනි තරගය ලකුණු 96 කින් ජයගැනිමට මහනුවර පිල සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 270 ක ඉලක්කයක් හඹාගිය ගාල්ල පිලට ඕවර 42.2 කදී සියලුදෙනා දැවී රැස්කිරිමට හැකිවූයේ ලකුණු 173 ක් පමණි.

ආරම්භක පිතිකරු පබසර වඩුගේ පන්දු 88 කදි හතරේ පහර 4 ක් සමගින් ලකුණු 50 ක් ලබාගත්තද සෙසු පිතිකරුවන්ට සාර්ථකවීමට පන්දු යවන්නෝ අවස්ථාවක් ලබානොදුන්හ.

ලකුණු 119 කට කඩුලු 8 ක් දැවී තිබියදී 9 වැනි කඩුල්ල සඳහා පන්දු 53 කදී ලකුණු 34 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට හේෂාන් හෙට්ටිආරච්චි (21) සහ නිමේෂ් විමුක්ති (22) සමත් වුවද ගාල්ල පිලේ පරාජය වලකාලීමට ඔවුන් අපොහොසත් වූහ.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ පුලින තරංග ඕවර 7.2 කදී ලකුණු 29 කට කඩුලු 6 ක් දවාගනිමින් මහනුවර පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්විය. ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 2 ක් ද, ලසඳ රුක්මාල් සහ සහන් ආරච්චිගේ එක් කඩුල්ල බැගින්ද දවාගනිමින් මහනුවර පිලේ ජයග්‍රහණයට දායක වූහ.

කාසියේ වාසිය දිනූ ගාල්ල පිල පළමුව පන්දුවට පහරදීම සඳහා මහනුවර පිලට ආරාධනා කළ අතර ඕවර 47.3 කදි සියලුදෙනා දැවී ලකුණු 269 ක් රැස්කිරීමට ඔව්හු සමත්වූහ.

ළහිරු උදාර සහ ඕෂධ ප්‍රනාන්දු අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර නිරෝෂන් දික්වැල්ල සහ ලසිත් කෘස්පුල්ලේ අර්ධ ශතක පෙනි පෙනී දැවී ගියහ. ළහිරු උදාර පන්දු 84 කදී හතරේ පහර 8 ක් සමගින් ලකුණු 63 ක් සහ ඕෂධ ප්‍රනාන්දු පන්දු 69 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 56 ක් ලබාගත්තේය. 

වේගවත් පිතිහරඹයක නිරත වූ නිරෝෂන් දික්වැල්ල පන්දු 29 කදී හතරේ පහර 10 ක් සමගින් ලකුණු 46 ක් ද, ලසිත් කෘස්පුල්ලේ පන්දු 47 කදි හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 46 ක් ද ලබාගනිමින් මහනුවර පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත්විය.

අකිල ධනංජය පිතිකරුවන්ගේ ප්‍රහාරයට ලක්වුවද ඕවර 10 ක් යවමින් ලකුණු 61 කට කඩුලු 5 ක් දවාගත්තේය. කවිශ්ක අංජුල කඩුලු 2 ක් ද, නිමේෂ් විමුක්ති සහ මුදිත ලක්ෂාන් එක් කඩුල්ල බැගින් දවාගැනීමට සමත්වූහ.

මහනුවර - ඕවර 47.3 කදී සියලුදෙනා දැවී 269
(නිරෝෂන් දික්වැල්ල 46, ළහිරු උදාර 63, ලසිත් කෘස්පුල්ලේ 46, ඕෂධ ප්‍රනාන්දු 56, සහන් ආරච්චිගේ 21, පුලින තරංග නොදැවී 20, අකිල ධනංජය 61/5, කවිශ්ක අංජුල 34/2)

ගාල්ල - ඕවර 42.2 කදී සියලුදෙනා දැවී 173
(පබසර වඩුගේ 50, අශාන් රන්දික 28, හේෂාන් හෙට්ටිආරච්චි 21, නිමේෂ් විමුක්ති 22, පුලින තරංග 29/6, ලසිත් ඇඹුල්දෙණිය 36/2)

2079


අදහස් (0)

පුලිනගේ පන්දු යැවීම මහනුවරට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.