Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයේ සිටින ක්‍රීඩකයන් 35 දෙනාටත්, පුහුණු කාර්ය මණ්ඩලයේ සහ පුහුණු පන්දු යවන්නන්ටත් කරන ලද පී.සී.ආර්. පරීක්‍ෂණ වලදී ඔවුන් කිසිවකුට කොරෝනා අසාදනය වී නැති බව තහවුරු වී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් මේ බව තහවුරු කරයි.
පී.සී.ආර්. පරීක්‍ෂණ කරන ලද කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් දස්කම් මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලයද ඇතුළත් වන අතර කිසිවකුට කොරෝනා වයිරසය අසාදනය වී නැති බව තහවුරු වී තිබේ.
ජාතික පුහුණුකරු මිකී ආතර් මහතාට සහ ටෙස්ට් පිලේ ආරම්භක පිතිකරු ළහිරු තිරිමාන්නට කොරෝනා අසාදනය වීම හේතුවෙන් ජාතික සංචිතයේ පුහුණුවීම් හදිසියේම නවතා දමන ලදි. පසුව සියලු දෙනාටත් පුහුණු කාර්ය මණ්ඩලයටත් පී.සී.ආර්. පරීක්‍ෂණ කෙරිණ.
ක්‍රීඩකයන් සියලු දෙනාටම හෙට (12 වැනිදා) ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණය පැවැත්වීමට නියමිතය. මේ මස 16 වැනිදා සිට නැවතත් පුහුණුම් ආරම්භ කෙරේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය සංචාරය වෙනත් වකවානුවක් සඳහා කල්දමා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තවමත් සාකච්ඡා කරමින් සිටී.
ජාතික පුහුණුකරු මිකී ආතර් මහතා සහ ළහිරු තිරිමාන්න තවමත් ප්‍රතිකාර ලබමින් සිටිති.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.