Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශීකර් ධවාන් (නොදැවී 62), භානුක රාජපක්ෂ (40) සහ ලයම් ලිවිංග්ස්ටන්ගේ (නොදැවී 30) පිතිහරඹයන් හමුවේ ගුජරාට් ලයන්ස් පිලට එරෙහිව මුම්බායිහිදි අද (3 වැනිදා) පැවැති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 48 වැනි තරගය කඩුලු 8 කින් ජය ගැනීමට පංජාබ් කිංග්ස් පිල සමත්විය.
පළමු කඩුල්ල ලකුණු 10 කදී දැවීයාමත් සමගින් ශීකර් ධවාන් සහ භානුක රාජපක්ෂ එක්ව දෙවැනි කඩුල්ල සඳහා පන්දු 58 කදී ලකුණු 87 ක සම්බන්ධතාවක් පවත්වමින් පංජාබ් කිංග්ස් පිලේ ජයග්‍රහණයට අඩිතාලම දැමූහ.
ශීකර් ධවාන් පන්දු 53 කදී හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමඟින් නොදැවී ලකුණු 62 ක් ලබාගත් අතර භානුක රාජපක්ෂ පන්දු 28 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් ලක=ණු 40 ක් ලබාගත්තේය. ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ ලයිම් ලිවිංග්ස්ටන් පන්දු 10 කදි හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 30 ක් ලබාගනිමින් පංජාබ් පිල ජයග්‍රහණය කරා රැගෙන ගියහ.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ගුජරාට් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 143 ක් ලබාගත්තේය.
සෙසු පිතිකරුවන් අසාර්ථක වෙද්දී ගුජරාට් ඉනිම නිමාවන තෙක්ම එක් අන්තයක් රැකගෙන පන්දුවට පහරදුන් සායි සුදර්ශන් පන්දු 50 කදී නොදැවී ලකුණු 64 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගිනි. ආරම්භක පිතිකරු රිධිමන් සාහා පන්දු 17 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 21 ක් රැස්කළේය.
සාහාගේ කඩුල්ලද සමග ලකුණු 33 කට කඩුලු 4 ක් දවාගත් කගිසෝ රබාඩා ගුජරාට් ඉනිමේ ලකුණු ලබාගැනීමේ වේගය අඩාල කළේය. ලයෑම් ලිවිංග්ස්ටන්, රිෂී ධවාන් සහ අර්ෂ්දීප් සිං කඩුල්ල බැගින් දවාගනිමින් පන්ජාබ් කණ්ඩායම ලකුණු 150 කට අඩුවෙන් රඳවාගැනීම සඳහා රබාඩාට අනගි සහායක් දුන්හ.
ගුජරාට් ලයන්ස් පිල - ඕවර 20 කදී කඩුලු 8 කට 143
(රිධිමන් සාහා 21, සායි සුදර්ශන් නොදැවී 65, කගිසෝ රබාඩා 33/4)
පංජාබ් කිංග්ස් - ඕවර 10 කදී කඩුලු 2 ක් දැවී 145
(ශීකර් ධවාන් නොදැවී 62, භානුක රාජපක්ෂ 40, ලයම් ලිවිංග්ස්ටන් නොදැවී 30)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.