Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පැට්රික්ගේ ගෝල ද්විත්වය චෙක් ජනරජයට ජය ගෙනෙයි

පැට්රික්ගේ ගෝල ද්විත්වය චෙක් ජනරජයට ජය ගෙනෙයි

editorial - 2021 ජුනි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෙවර යූරෝ 2020 පාපන්දු තරගාවලියේදී සහභාගි වූ පළමු තරගයේදීම ස්කොට්ලන්තයට එරෙහිව ගෝල 2-0 ක පහසු ජයක් වාර්තා කරමින් ‘ඩී’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට චෙක් ජනරජය ඊයේ (14 වැනිදා) සමත් විය. එහිදී ගෝල ද්විත්වයක් වාර්තා කළ චෙක් ජනරජ කණ්ඩායමේ පැට්රික් ෂික් ජයග්‍රහණයේ නියමුවා බවට පත් විය.

පළමු අර්ධය නිමා වීමට විනාඩි 3 ක් ඉතිරිව තිබියදී එනම් 42 වැනි විනාඩියේදී පළමු ගෝලය ලබාගත් පැට්රික්, දෙවැනි අර්ධය ආරම්භ වීමට පෙර ගෝල 1-0 ක් ලෙස සිය කණ්ඩායම පෙරමුණට ගෙන ආවේය. ව්ලැඩිමීර් කූපල්ගේ පන්දු යොමුකිරීමක් ඔස්සේ තමා වෙත පැමිණි පන්දුව හිසෙන් දැල තුළට යොමු කිරිමට එහිදී පැට්රික් සමත් විය.

ඉන් නොනැවතුණ පැට්රික්, දෙවැනි අර්ධය ආරම්භ වී විනාඩි 7 ක් ගතවන විට (52 වැනි විනාඩියේදී) තෝමස් සූසෙක්ගේ සහයෝගයත් සමග තවත් ගෝලයක් ලබාගනිමින් චෙක් ජනරජයට ගෝල 2-0 ක පහසු ජයක් අත්කර දුන්නේය. තවමත් 25 වැනි වියේ පසුවන ‍පැට්රික් මේ වන විට චෙක් ජනරජ කණ්ඩායම වෙනුවෙනු තරග 27 කදී ගෝල 13 ක් ලබා ගැනීමට සමත්ව සිටියි.

මේ අතර ‘ඊ’ කාණ්ඩය යටතේ තවත් තරග 2 ක් ඊයේ පැවැති අතර එහිදී ගෝල 2-1 ක් ලෙස පෝලන්තය පරාජය කිරීමට ස්ලෝවැකියාව සමත් විය. එම ජයත් සමග ‘ඊ’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමටද ස්ලෝවැකියාවට හැකි විය. දෙපිලම ගෝල ලබාගැනීමට අසමත් වීම හේතුවෙන් ස්පාඤ්ඤය සහ ස්වීඩනය අතර පැවැති තරගය ‍ජය පැරදුමකින් තොරව නිමාවට පත් විය.  

පෝලන්තයට එරෙහිව පැවැති තරගයේ 18 වැනි විනාඩියේදී වොජ්චීක් ස්කාස්නි ලබාගත් ගෝලයත් සමග පළමු අර්ධය නිමාවන විට ගෝල 1-0 ක් ලෙස තරගයේ පෙරමුණ ගැනීමට ස්ලෝවැකියාව සමත් විය. එහෙත් දෙවැනි අර්ධය ආරම්භ වී විනාඩියක් ගතවන විට (46 වැනි විනාඩියේදී) පෝලන්තය වෙනුවෙන් ගෝලයක් ලබාගත් කැරොල් ලිනෙටි ගෝල 1-1 ක් ලෙස තරගය සම තත්ත්වයට පත් කළේය.

තරගයේ 62 වැනි ග්‍රෙස්ගෝර්ස් ක්‍රිචොවියාක්ට කහ කාඩ්පත සහ රතු කාඩ්පත එකවර ලැබීම නිසා පෝලන්තයට එතැන් පටත් ක්‍රීඩකයන් 10 දෙනකුගෙන් ක්‍රීඩා කිරීමට සිදුවිය. 69 වැනි විනාඩියේදී ස්ලෝවැකියාව වෙනුවෙන් ජයග්‍රාහී ගෝලය ලබාගත් මිලාන් ස්ක්‍රීනියර් සිය කණ්ඩායමට ගෝල 2-1 ක ජයක් අත්කර දීමට සමත් විය.

-036


අදහස් (0)

පැට්රික්ගේ ගෝල ද්විත්වය චෙක් ජනරජයට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.