Last Update  :  2026-03-16 17:21:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පාපැදි ශූරයා තුෂාන්ට මිලියනයක්

පාපැදි ශූරයා තුෂාන්ට මිලියනයක්

දිලිනි මල්රුක්ෂි - 2013 නොවැ මස 29 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

කිලෝමීටර 1330 ක දුරක් පැය 33 විනාඩි හතරකට අඩු කාලයකදී ගෙවා අවසන් කළ යොවුන් කී‍්‍රඩක තුෂාන් රාජපක්ෂ අද (28) දහවල් නිමාවට පත්වූ ජනපති පදවිප‍්‍රාප්ති පාපැදි සවාරිය ජය ගත්තේය. දින 10 ක් පුරා පැවැති එම තරගයේ ජයග‍්‍රහණය වෙනුවෙන් තුෂාන්ට පිරිනැමෙන මුදල රුපියල් මිලියනයකි.

දින 10 ක පාපැදි සවාරිය නිමාවට පත් කරමින් අද පැවැති 10 වැනි අදියරේ ජයග‍්‍රාහකයා වූයේ මීමනගේ පෙරේරාය. මාතර නගරයෙන් අද උදෑසන ආරම්භ වූ අවසන් අදියරට තරගකරුවෝ 63 දෙනෙක් සහභාගි වූහ. සමස්ත තරගය ආරම්භයේදී ඊට එක්වූ තරගකරුවන් ගණන 126 කි.

මාතර, ගාල්ල, අම්බලන්ගොඩ, කළුතර හරහා කොළඹින් ඊයේ අවසන් අදියර නිමාවට පත්වීමත් සමග සමස්ත තරගයද නිමාවට පත් කෙරුණි.

සමස්ත පාපැදි තරගය ජයගත් තුෂාන් රාජපක්ෂ, සම්පූර්ණ තරගයේ කාලය මැනීම අනුව විනාඩි හතරක පමණ වාසියකින් ජයග‍්‍රාහකයා බවට පත්වූ අතර එම වාසිය ඔහු ලබා ගත්තේ තෙවැනි අදියර ලෙස පැවැති වවුනියාවේ සිට යාපනය දක්වා වේගයෙන් පාපැදිය පැද යාමෙනි.
ඔහු සමස්ත තරගයේ ජයගත් සෙසු එකම අදියර වූයේ මහනුවර සිට නුවරඑළිය දක්වා පැවැති හත්වැනි අදියරයි. අදියර තුනක තරග ජයග‍්‍රාහකයා වූ ජීවන් ජයසිංහට සමස්ත තරගයේ මුල් දහදෙනා අතරට පිවිසීමට නොහැකි වීම කැපී පෙණුනි.

වසර ගණනාවකට පසු ශ්‍රී ලංකාවේදී පැවැති දීර්ඝතම පාපැදි තරගයේ ප‍්‍රතිඵල දෙස බැලීමේදී කැපී පෙනෙන්නේ සිවිල් පාපැදි කී‍්‍රඩා සමාජවල පසුබෑමයි.

අදියර තරග කීපයකදීම ඉදිරියෙන් පසුවූ ප‍්‍රබල තරගකරුවන් සමස්ත තරගයේ ප‍්‍රතිඵල අනුව බොහෝ පසුපසින් සිටීමද කැපී පෙනෙන්නකි. ඒ අතරින් ඊයේ අවසන් අදියර තරගය ජයගත් මීමනගේ පෙරේරා සමස්ත තරගයේ ප‍්‍රතිඵලවලට අනුව ලබා ඇත්තේ 53 වැනි ස්ථානයයි. කස්සප සිරිවර්ධන 31 වැනි ස්ථානයද සනත් ජයසිංහ 27 වැනි ස්ථානයද ලැබූහ.

10 වැනි අවසන් අදියර තරගයේ ප‍්‍රතිඵල:
1. මීමනගේ පෙරේරා (යුද හමුදාව - පැය 4 විනාඩි 2 තත්ත්පර 20)
2. සුරංග රණවීර (දෙහිවල- ගල්කිස්ස)
3. මිහිර මාධව (පොලිස්)
4. ජීවන් ජයසිංහ (ගුවන් හමුදාව)
5. කේ.පී. ගයාන් කුමාර (යුද හමුදාව)

සමස්ත තරගයේ ප‍්‍රතිඵල:
1. කුෂාන් රාජපක්‍ෂ (යුද හමුදාව - පැය 33 විනාඩි 3 තත්පර 54)
2. ලක්‍ෂ්මන් විජේරත්න (යුද හමුදාව - පැය 33.8.57)
3. සචිත් හසන්ත (නාවික හමුදාව - පැය 33.10.47)
4. දිනේෂ් ධනුෂ්ක - (ගුවන් හමුදාව - පැය 33.11.42)
5. බුද්ධික වර්ණකුලසූරිය - (ගුවන් හමුදාව - පැය 33.13.05)
6. ඬේන් නුගේරා (ගුවන් හමුදාව - පැය 33.13.24)
7. අමිත් උදයකුමාර  (යුද හමුදාව - පැය 33.14.77)
8. සුධීර නිලංග (පොලිස් - පැය 33.15.49)
9. උෂාන් ප‍්‍රියන්ත (ජර්මන් මිත‍්‍රත්ව - පැය 33.16.15)
10. කේ.පී.ආර්. ගයාන් කුමාර ( යුද හමුදාව-පැය 33.16.30)

කණ්ඩායම් ශූරතාව
1 යුද හමුදා ඒ කණ්ඩායම (කේ.පී.ආර්. ගයාන්, අසේල මිහිර කුමාර, අජිත් උදය කුමාර)
2. ගුවන් හමුදා කණ්ඩායම,
3. නාවික හමුදා කණ්ඩායම

වේගවත්ම කෙටි දුර පැදයාම (ස්ප‍්‍රින්ට්) ශූරයා
ජීවන් ජයසිංහ (ගුවන් හමුදාව)

කඳු නැගීමේ ශූරයා හා හොඳම යොවුන් තරගකරු
තුෂාන් රාජපක්‍ෂ (යුද හමුදාව)


අදහස් (2)

පාපැදි ශූරයා තුෂාන්ට මිලියනයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.