
(දමින්ද විජේසූරිය)
කාන්තා ලෝක කුසලාන තරගාවලියේ තෙතබරිතම ක්‍රීඩාංගණය වූ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති තරග අතුරින් හත්වැනි තරගයටත් වර්ෂාවෙන් බාධා ඇතිවිය. ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (24 වැනිදා) පැවැති තරගයත් වර්ෂාව නිසා අතහැර දැමීමට සිදුවිය.
වර්ෂාව නිසා තරගය නතර කරන විට පාකිස්තානු කාන්තා කණ්ඩායම ඕවර 4.2 කදී කිසිවකු නොදැවී ලකුණු 18 ක් ලබා සිටියේය.
කොළඹදී පැවැති 2025 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ තරග 11 කින් තරග 5 ක් වර්ෂාව නිසා අතහැර දැමීමට සිදුවිය. තවත් තරග දෙකකට වර්ෂාවෙන් බලපෑම් ඇතිවූ හෙයින් ඩක්වර්ත් - ලුවිස් ක්‍රමය මත දෙවැනි වර පන්දුවට පහර දුන් කණ්ඩායමේ ඉලක්කය වෙනස් කිරීමට සිදුවිය. බාධාවකින් තොරව ගලාගියේ තරග 4 ක් පමණි.
අද තරගයත් වර්ෂාවට සේදීයාම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රසාද ලකූණක් හිමිවීමෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ප්‍රසාද ලකුණු පුවරුවේ 5 වැනි ස්ථානය දක්වා ඉහළ නැංගේය. අවසන් පූර්ව වටයේ ස්ථානයක් පිළිබඳ දැන් කතා කිරීමෙන් පළක් නැත.
කාසියේ වාසිය බැලීමට නියමිතව තිබුණේ පස්වරු 2.30 ට නමුත් පස්වරු 2.20 වන විටම වර්ෂාව ආරම්භ විය. එක විටම වාගේ තරමක් තදින් වහින්නට වූයෙන් කාසියේ වාසිය පමා විය.
පස්වරු 5.00 ට පමණ විනිසුරුවරියන් සහ තරග තීරකවරිය නිවේදනය කළේ 5.10 ට කාසියේ වාසිය බලන බවත් 5.40 ට ඕවර 38 තරගයක් ආරම්භ කරන බවයි. එහෙත් එම නිවේදනයෙන් පසුව ගතවූයේ විනාඩි 6 ක් පමණි. නැවතත් වර්ෂාව කඩාපාත් විය. එවර වර්ෂාව පැමිණියේ කලින් වර්ෂාව පැමිණියාට වඩා වේගයෙනි. එබැවින් ක්‍රීඩාංගණයේ වැඩි කොටසක් තෙමී ගිය අතර ජලය රඳා පැවතීම නිසා වැසි ආවරණ වුවද නිසි වේලාවට ඇදගත නොහැකි විය.
එක පිලකට ඕවර 34 ක් සේ සීමාකරමින් පස්වරු 6.45 ට ආරම්භ කළ තරගයේදී යැවිය හැකිවූයේ ඕවර 4.2 ක් පමණි. යළිත් වැස්ස කඩාපාත් විය. එතැන් සිට ඇදී ගිය කල් බැලිම නතර වුයේ රාත්‍රී 8.00 ඇතිවූ අකුණු ගැසීමෙනි. ඒ වන විටත් ක්‍රීඩාංගණය සම්පූර්ණයෙන්ම වසාදමා තිබූ අතර තරගය අතහැර දැමීමට විනිසුරුවරුවෝත් තරග තීරකවරියත් තීරණය කළහ.
ඡායාරූපය - ඉෂාර කොඩිකාර (ප්‍රංශ පුවත් සේවය)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.