Last Update  :  2025-05-10 11:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පාකිස්තානුවෝ 2-1 කින් ඕස්ට්‍රේලියාව පරදවති

පාකිස්තානුවෝ 2-1 කින් ඕස්ට්‍රේලියාව පරදවති

editorial - 2022 අප්‍රේ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීමත්, ඉමාම් උල්හක්ගේ සහ නායක බාබර් අසාම්ගේ දක්ෂ පිතිහරඹයත් හමුවේ ඕස්ට්‍රේලියාවට එරෙහිව ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේදී ඊයේ (2 වැනිදා) පැවැති තෙවැනි එක්දින තරගයෙන් ලකුණු කඩුලු 9 ක ජයක් වාර්තා කිරීමට පාකිස්තානය සමත් විය. මෙම ජයත් සමග දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 2-1 ක් ලෙස ජය ගැනීමටද පාකිස්තානුවෝ සමත් වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 211 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන කණ්ඩායම ඕවර 37.5 ක් අවසානයේ කඩුල්ලක් පමණක් දැවී එම ඉලක්කය සපුරාගත්හ. එහිදී පිට පිටම දෙවැනි ශතකය ලබාගත් බාබර් අසාම් පන්දු 115 කදී හතරේ පහර 12 ක් සමග නොදැවී ලකුණු 105 ක් රැස්කරමින් පාකිස්තාන කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

ඉමාම් උල්හක් (නොදැවී 89) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 205 කදී ලකුණු 190 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද අසාම් සමත් විය. එහිදී පන්දු 100 කට මුහුණදුන් ඉමාම්, හයේ පහරකින් සහ හතරේ පහර 6 කින් සිය අර්ධ ශතකය සැරසූවේය. පළමු තරග දෙකේදී පිට පිටම ශතක දෙකක් ලබා සිටි ඉමාම්ට මෙම තරගයේදී ශතකය අහිමි වූයේ ලකුණු 11 කිනි.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට හාරිස් රවුෆ්ගේ සහ මොහොමඩ් වසීම්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 41.5 අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 210 ක් පමණි. එහිදී රවුෆ් සහ වසීම් කඩුලු 3 බැගින් බිඳහෙළමින් ඕස්ට්‍රේලියානු ඉනිම සුනුවිසුණු කර දැමූහ. ඒ සඳහා ඔවුන්ට අනගි සහායක් දුන් ශහීන් අෆ්රිඩි ලකුණු 40 කට කඩුලු 2 ක් දවාගත්තේය.

පළමු සහ දෙවැනි තරගවලදී ශතකයක් සහ අර්ධ ශතකයක් ලබා සිටි ආරම්භක පිතිකරු ට්‍රැවීස් හෙඩ්, මෙම තරගයේ පළමු පන්දුවේදී දවාගැනීමට අෆ්රිඩි සමත් විය. නායක ඒරන් ෆින්ච් ලකුණු නොලබා දැවී ගියේ හාරිස් රවුෆ්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමිනි.

ඕස්ට්‍රේලියානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ඇලෙක්ස් කේරි පන්දු 61 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 56 ක් රැස්කළේය. පන්දු 40 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 49 ක් ලබා සිටි ෂොන් ඇබට් අර්ධ ශතකය පෙනි පෙනී දැවී ගියේ හාරිස් රවුෆ්ගේ පන්දුවක් හමුවේ මොහොමඩ් වසීම් අතට උඩ පන්දුවක් දෙමිනි.


ඕස්ට්‍රේලියාව - ඕවර 41.5 කදී සියලු දෙනා දැවී 210
(බෙන් මැක්ඩමෝට් 36, මාකස් ස්ටොයිනිස් 19, ඇලෙක්ස් කේරි 56, කැමරන් ග්‍රීන් 34, ෂෝන් ඇබට් 49, හාරිස් රවුෆ් 39/3, මොහොමඩ් වසීම් 40/3, ශහීන් අෆ්රිඩි 40/2)

පාකිස්තානය - ඕවර 37.5 කදී කඩුල්ලක් දැවී 214   
(ෆකාර් සමාන් 17, ඉමාම් උල්හක් නොදැවී 89, බාබර් අසාම් නොදැවී 105)

-036

 


අදහස් (0)

පාකිස්තානුවෝ 2-1 කින් ඕස්ට්‍රේලියාව පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.