Last Update  :  2025-07-28 15:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පාකිස්තානය ලකුණු 63 කින් කොදෙව්වන් පරදවයි
කොදෙව් පිලේ පාකිස්තාන සංචාරය

පාකිස්තානය ලකුණු 63 කින් කොදෙව්වන් පරදවයි

editorial - 2021 දෙසැ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව කරච්චි නුවරදී පැවැති පළමු විස්සයි-20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 63 ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන කණ්ඩායම සමත් විය. එම ජයත් සමග දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද පාකිස්තානයට හැකි විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 201 ක ඉලක්කයක් හඹාගිය කොදෙව් කණ්ඩායමට මොහොමඩ් වසීම් සහ ශදාබ් ඛාන් ප්‍රමුඛ පාකිස්තාන පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 19 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 137 ක් පමණි. එහිදී වසීම් ලකුණු 40 කට කඩුලු 4 ක්ද, ශදාබ් ලකුණු 17 කට කඩුලු 3 ක්ද බිඳහෙළමින් කොදෙව් කණ්ඩායමේ ජයග්‍රාහී මඟ අවහිර කළහ. 

කොදෙව් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ශායි හෝප් පන්දු 26 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 31 ක් රැස්කළේය.

ඔඩේන් ස්මිත් පන්දු 16 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 24 ක්ද, රෝමන් පවෙල් පන්දු 15 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 23 ක්ද රැස්කළ නමුත් ඔවුන් කිසිවකුට සිය කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට නොහැකි වූහ. 

පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 200 ක් ලබාගත්තේය. එහිදී පාකිස්තානයට සාර්ථක ආරම්භයක් ලබාදුන් මොහොමඩ් රිස්වාන් පන්දු 52 කදී ලකුණු 78 ක් රැස්කළේ හතරේ පහර 10 ක් සමගිනි.

හයිඩර් අලී (68) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 63 කදී ලකුණු 105 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද රිස්වාන් සමත් විය. 

පන්දු 39 කදී වාර්තා වූ අලීගේ අර්ධ ශතකය හයේ පහර 4 කින් සහ හතරේ පහර 6 කින් සමන්විත විය. ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී පන්දු 10 කට මුහුණදුන් මොහොමඩ් නවාස් එහිදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 30 ක් රැස්කරමින් පාකිස්තාන කණ්ඩායම ලකුණු 200 සීමාව කරා ගෙන ගියේය. 

 

බටහිර ඉන්දීය කොදෙව් පිල - ඕවර 19 කදී සියලු දෙනා දැවී 137

(ශායි හෝප් 31, නිකලස් පූරන් 18, රෝමන් පවෙල් 23, රොමාරියෝ ශෙපර්ඩ් 21, ඔඩේන් ස්මිත් 24, මොහොමඩ් වසීම් 40/4, ශදාබ් ඛාන් 17/3) 

පාකිස්තානය - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 200 

(මොහොමඩ් රිස්වාන් 78, හයිඩර් අලී 68, මොහොමඩ් නවාස් නොදැවී 30, රොමාරියෝ ශෙපර්ඩ් 43/2) 

-036


අදහස් (0)

පාකිස්තානය ලකුණු 63 කින් කොදෙව්වන් පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.