Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පන්දු යවන්නන්ගේ දස්කම් හමුවේ ප්‍රීමියර් ලීග් තරගාවලියේ ඩුබායිහිදී අද (26 වැනිදා) පැවැති තරගයකදී මුම්බායි ඉන්දියන් පිලට එරෙහිව ලකුණු 54 ක ජයක් හිමිකර ගැනීමට රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිල සමත්විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 166 ක ඉලක්කයක් හඹාගිට මුම්බායි ඉන්දියන්ස් පිලට ඕවර 18.1 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 111 ක් පමණි.
ආරම්භක පිතිකරුවන් වූ රෝහිත් ෂර්මා සහ කුයින්ටන් ඩි‘කොක් එක්ව පළමු කඩුල්ල සඳහා පන්දු 40 කදී ලකුණු 57 ක සම්බන්ධතාවයක් පැවැත්වූ නමුත් සෙසු පිතිකරුවන්ට සාර්ථක වීමට පන්දුයවන්නන්ගෙන් අවස්ථාවක් හිමිනොවූහ.
රෝහිත් ෂර්මා පන්දු 28 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 43 ක් සහ කුයින්ටන් ඩි‘කොක් පන්දු 23 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 24 ක් රැස්කළද සෙසු පිතිකරුවන්ට ලකුණු 10 සීමාව පසුකිරීමට නොහැකිවූහ.
හර්ෂල් පතෙල් දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් පිට පිට පන්ද 3 කදී හර්දික් පාණ්ඩ්‍යා, කරන් පොලාඞ් සහ රාහුල් චාහර් දවාගනිමින් කඩුලු ත්‍රිත්වයක් ලබාගත්තේය. ඕවර 3.1 කදී ලකුණු 17 කට කඩුලු 4 ක් දවාගැනීමට පතෙල් සමත්විය.
හර්ෂල් පතෙල්ට අනගි සහයක් ලබාදුන් යුස්වේන්ද්‍ර චාහල් සිය ඕවර 4 ලකුණු 11 කට සීමා කරමික් එක් නිලකුණු ඕවරයක් සමගින් කඩුලු 3 ක් සහ ග්ලෙන් මැක්ස්වෙල් ලකුණු 23 කට කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
කාසියේ වාසිය දිනූ මුම්බායි පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිල ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 165 ක් රැස්කිරීමට සමත්විය.
ආරම්භක පිතිකරු විරාට් කෝලී පන්දු 42 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 51 ක් රැස්කළ අතර ග්ලෙන් මැක්ස්වෙල් පන්දු 37 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 56 ක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූහ. ශ්‍රීකර් භාරට් පන්දු 24 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 24 ක් රැස්කිරීමට සමත්විය.
සිය ඕවර 4 ලකුණු 36 කට සීමාකළ ජස්ප්‍රීට් බුම්රා ලකුණු 36 කට කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
බැංගලෝර් - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 165
(විරාට් කෝලී 51, ශ්‍රීකර් භාරට් 32, ග්ලෙන් මැක්ස්වෙල් 56, ජස්ප්‍රීට් බුම්රා 36/3)
මුම්බායි - ඕවර 18.1 කදී සියලුදෙනා දැවී 111
(රෝහිත් ෂර්මා 43, කුයින්ටන් ඩි‘කොක් 24, හර්ෂල් පතෙල් 17/4, යුස්වේන්ද්‍ර චාහල් 11/3, ග්ලෙන් මැක්ස්වෙල් 23/2)
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.