Last Update  :  2024-05-13 21:38:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පන්දු යවන්නෝ චෙන්නායි පිලට ජය ගෙනෙති
අයි.පී.එල්. - 2024

පන්දු යවන්නෝ චෙන්නායි පිලට ජය ගෙනෙති

editorial - 2024 අප්‍රේ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 46 වැනි තරගය ලෙස චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර චෙන්නායි නුවර එම්.ඒ. චිදම්බරම් ක්‍රීඩාංගණයේදී අද (28 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 78 ක ජයක් වාර්තා කිරීමට චෙන්නායි කණ්ඩයම සමත් විය. මෙවර තරගාවලියේදී චෙන්නායි කණ්ඩායම ලැබූ  පස්වැනි වැනි ජය මෙය වූ අතර හයිද්‍රාබාද්  කණ්ඩායම ලැබූ සිවුවැනි පරාජයද මෙය විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 212 ක ඉලක්කයක් හඹාගිය හයිද්‍රාබාද් කණ්ඩායමට චෙන්නායි පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 18.5 අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 134 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ තුෂාර් දේෂ්පාන්ඩේ ලකුණු 27 කට කඩුලු 4 ක් දවාගත් අතර ඔහුට අනගි සහායක් දුන් මතීෂ පතිරණ සහ මුස්තෆිසුර් රහමන් කඩුලු 2 බැගින් බිඳහෙළුෑහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි ක්‍රීඩකයෝ ඕවර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 213 ක් ලබාගත් අතර වේගවත් පිතිහරඹයක නිරත වූ නායක රුතුරාජ් ගයික්වාඞ් පන්දු 54 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 10 ක් සමග ලකුණු 98 ක් ලබා සිටියදී ශතකය පෙනි පෙනී දැවී ගියේය.

ඩැරිල් මිචෙල් (52) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 64 කදී ලකුණු 107 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ගයික්වාඞ්, ඉන් නොනැවදී ශිවම් ඩූබේ (නොදැවී 39) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 35 කදී ලකුණු 74 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් චෙන්නා කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය. 


චෙන්නායි සුපර් කිංග්ස් පිල - ඕවර 20 කදී කඩුලු 3 ක් දැවී 212
(රුතුරාජ් ගයික්වාඞ් 98, ඩැරිල් මිචෙල් 52, ශිවම් ඩූබේ නොදැවී 39)
 
සන්රයිසස් හයිද්‍රාබාද් පිල - ඕවර 18.5 කදී සියලු දෙනා දැවී 134
(ඒඞ්න් මාක්‍රම් 32, හෙන්රිච් ක්ලාසන් 20, අබ්දුල් සමාඞ් 19, තුෂාර් දේෂ්පාන්ඩේ 27/4, මතීෂ පතිරණ 17/2, මුස්තෆිසුර් රහමන් 19/2)   
 
-036


අදහස් (0)

පන්දු යවන්නෝ චෙන්නායි පිලට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.