
(කටුනායක ටී.කේ.ජී.කපිල )
ජපානයේ ටෝකියෝ පැරලිම්පික් තරගාවලියේ දී රන් පදක්කම්ලාභී දිනේෂ් ප්‍රියන්ත හේරත් සහ ලෝකඩ පදක්කම්ලාභී සමිත දුලාන් කොඩිතුවක්කු යන ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් රැගත් ශ්‍රී ලන්කන් ගුවන් යානය මේ වන විට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
ජපානයේ නරීටා ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 455 දරන මෙම ගුවන් යානය අද සවස 04.20 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ළඟාවිය.
මෙම ක්‍රීඩකයන් පිරිස පිළිගැනීම සදහා ක්‍රීඩා සහ තරුණ කටයුතු පිළිබඳ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුළු ක්‍රීඩා ක්ෂේත්‍රයේ උසස් නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටිති .


(ඡායාරූප - ටී.කේ.ජී. කපිල)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.