Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය ගාල්ල ක්‍රීඩාංගණයේ සිට..)
නිරිත දිග මුහුද දෙසින් හමා ආ අති ප්‍රබල චණ්ඩ මාරුතයක් හේතුවෙන් ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන පළමු වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වන අද (30 වැනිදා) නියමිත වේලාවට තරගය ආරම්භ කළ නොහැකි විය. සුළඟේ ප්රචණ්ඩත්වය කොතෙක්ද යත් ගාල්ල වරාය දෙසින් පිහිටි තාවකාළික ප්‍රේක්ෂකාගාරයක් සම්පූර්ණයෙන්ම කඩාවැටුණු අතර ගාල්ල කොටු පවුර ඉදිරිපිට පිහිටුවා ඇති රූපවාහිනී කැමරාව පිහිටි අටල්ලද කුණාටුවට හසුවිය.
රූපවාහිනී නිෂ්පාදන සමාගමේ සේවකයෝ කොටු පවුර අන්තයේ පිහිටුවා ඇති රූපවාහිනී කැමරාව පරෙස්සමෙන් ගලවාගැනීමේ යුහුසුළුව සිටිති. එහෙත් මෙම රූපවාහිනී කැමරාව තරගය සඳහා අත්‍යවශ්‍ය උපාංගයකි. විනිසුරු තීරණ විමසීමේදී ඒ සඳහා වන ප්‍රධානතම රූප කෝණය සපයන්නේ මෙම කැමරාවෙනි.
ක්‍රීඩාංගණය වටා තාවකාළිකව ස්ථාපිත කර ඇති ප්රේක්ෂකාගාර කිහිපයක්ම සුළඟට හසුවීමෙන් හානිවූ අතර ගාල්ල ක්‍රීඩා සමාජය ආසන්නයේ තිබූ තාවකාළික ක්‍රීඩාගාරයක ඉදිරිපස වීදුරුව බිම වැටී පුපුරා ගොස් තිබිණ.
ක්‍රීඩාංගණයේ පිහිටුවා ඇති යෝධ ඩිජිටල් තිරය පවා සුළඟය ගසාගෙන යාමේ අනතුරකට මුහුණ දුන් අවස්ථාවේදී එය බැඳ දැමීමට සේවකයෝ උත්සාහ කළහ. එහෙත් අවදානම වැඩිවූ බැවින් එය ගලවා ඉවත් කිරීමට සිදුවිය.
ක්‍රීඩාංගණය සම්පූර්ණයෙන්ම වසාදමා තිබෙන අතර ක්‍රීඩාංගණය පුරා අතුරා ඇති වැසි ආවරණත් සුළඟින් ගසාගෙන යන්නට විය. එහෙත් ක්‍රීඩාංගණ සේවකයෝ, තම ජීවිත අනතුර පවා නොසලකා හරිමින්, එම තණතීරු ආවරණ නැවතත් ඇදගෙන ඇවිත් නිසි තැන්වල තබා බරට ටයර් තැබූහ.
තරගයේ මුල් දිනය වූ ඊයේ (29 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට ඕස්ටේ්රලියානු කණ්ඩායම සිය මුල් ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ලකුණු 98 ක් ලබා සිටියේය.
(ඡායාරූප - හිමත් මතීෂ)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.