Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නැමීබියාව පෙරළියකට සැරසෙයි

නැමීබියාව පෙරළියකට සැරසෙයි

editorial - 2021 ඔක් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොයිටර් ඇසුරිනි - සැකසුම දමින්ද විජේසූරිය)

කි‍්‍රකට් ලෝකයේ බලවත් කණ්ඩායමක් බවට පත්වීමට නැමීබියාවට පැහැදිළි සැලැස්මක් තිබේ. ඒ මූල්‍යමය ත්‍යාග වෙත හිත යොමු කිරීමයි. එයින් වඩාත් හොඳ ප‍්‍රතිඵල ලැබී තිබෙනවා පමණක් නොව, ඒ නිසාම ඔවුන් මේ වසරේදී විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් තේරීමේ වටය දක්වාම පැමිණ තිබේ.

විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේදී නැමීබියාවෙ පළමු තරගය පැවැත්වෙන්නේ ශී‍්‍ර ලංකාවට එරෙහිවය.

 

   අජන්ත මෙන්ඩිස් ලෝක වාර්තාව අලුත් කරයි
   ඩිල් ස්කූප් පහරේ උපත
  හේරත් වමතින් නවසීලන්තයම කරකවයි
   මහේල කසකාරයාගේ භූමිකාවට පිවිසෙයි
   අපරාජිත කණ්ඩායමක බලාපොරොත්තු කඩවී
   වසර පහක උත්සාහයේ අග්‍ර ඵලය
   නැමීබියාවෙන් ‘බෝම්බ බලකායක්’

නැමීබියාව අවසන් වරට ලෝක කුසලාන තරගාවලියකට සහභාගි වූයේ 2003 දීය. ඒ වන විට ඔවුනට එක්දින වරම් නොතිබිණ. දකුණු අපි‍්‍රකාවේ පැවැති එම තරගාවලියේදී තරග 6 ම පරාජය වූ නැමීබියාවට නිල එක්දින අන්තර්ජාතික වරම් හිමිවූයේ 2019 දීය. එහෙත් ඒ  ඕමානය, ඇමරිකා එක්සත් ජනපදය සහ නෙදර්ලන්තය වැනි දෙවැනි පෙළ කණ්ඩායම් සමග තරග වැදීමටය.

කෙසේ වෙතත් දැන් නැමීබියාව විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් තේරීමේ වටයට පැමිණ සිටී. සාමාන්‍ය වශයෙන් ගත්කල්හි නැමීබියාව වැටී සිටින්නේද සුදුසුකම් තේරීමේ තරගාවලියේ වඩාත් අසීරු කාණ්ඩයකටයි. ලෝක කුසලාන දෙකක්ම දිනා සිටින ශී‍්‍ර ලංකාව මෙන්ම ලෝක ශ්‍රේණිගතකිරීම් අනුව ඉදිරියෙන් සිටින නෙදර්ලන්තය සහ අයර්ලන්තයද ඇතුළත් වන්නේ නැමීබියාව සිටින කාණ්ඩයටයි.

”අපි ඉන්නේ අසීරු කාණ්ඩයක තමා. ඒත් මේ තරගාවලියේදී පෙරළියක් කරනවා කියන මානසිකත්වයෙන් තමයි අපි තරගයට එන්නේ” යයි නැමීබියානු කි‍්‍රකට් ආයතනයේ ප‍්‍රධන විධායක නිලධාරී ජොහාන් මුලර් රොයිටර් පුවත් සේවයට පවසා තිබේ.

”අපි මේ තරගාවලියේ ප‍්‍රධාන තරගාවලියට සුදුසුකම් ලබාගතහොත්, එයින්ම අපි ලබන වසරේ  ඕස්ටේ‍්‍රලියාවේදී පැවැත්වෙන වි-20 ලෝක කුසලාන තරගාවලියටත් සුදුසුකම් ලබාගන්නවා. ඒක තමයි අපේ ඉලක්කය” යයිද ජොහාන් මුලර් මහතා පැවසීය.

නැමීබියාවේ විස්සයි-20 තරග වාර්තාව ඉතාමත් සාර්ථක එකකි. වසර දෙකකදී විස්සයි-20 තරග 22 කට සහභාගි වූ නැමීබියාව, ඒවායින් තරග 18 ක් ජයගෙන තිබේ. පරාජය වී ඇත්තේ තරග 4 ක් පමණි. එහෙත් ඒ ඝනාව, උගන්ඩාව, බොට්ස්වානා, කෙන්යාව, නයිජීරියාව, නෙදර්ලන්තය, පැපුවා නිව්ගිනියාව, බර්මියුඩාව, සිංගප්පූරුව සහ  ඕමානය වැනි රටවලට එරෙහිවය. මෙවන් නැගීඑන කණ්ඩායම් වලට තිබෙන ප‍්‍රධාන ප‍්‍රශ්නය වන්නේ ඉදිරි පෙළ කණ්ඩායම් වලට එරෙහිව අන්තර්ජාතික වශයෙන් පිළිගැනෙන තරග නොලැබීමයි.

කෙසේ වෙතත් නැමීබියානු කි‍්‍රකට් ප‍්‍රධාන විධායක නිලධාරියා කියන්නේ වඩාත් හොඳ ප‍්‍රතිඵල ලබාගැනීමට නම් තමන්ට ශක්තිමත් මූල්‍ය පදනමක් තිබිය යුතු බවයි.

වසර 2018 වන තුරු නැමීබියානු ජාතික කණ්ඩායම, දකුණු අපි‍්‍රකාවට මුදල් ගෙවමින් දකුණු අපි‍්‍රකාවේ ප‍්‍රාන්ත ලීගයේ කී‍්‍රඩා කළේය. එයින් ඉවත්වීම නැමීබියාවට විශාල මුදලක් ඉතිරිකර ගැනීමක් විය. එහෙත් ඒ නිසාම රතු පන්දුව අතහැර දැමීමට නැමීබියාවට සිදුවිය. තුන්දින කි‍්‍රකට් තරග වලින් මිදිලා රතු පන්දුව සහමුලින්ම අතහැර දැමීමට ගත්ත තීරණය විශාල බලපෑමක් ඇතිකළ එකක් විය.

”සුදු පන්දුව, අපිව, ලෝක කි‍්‍රකට් කී‍්‍රඩාවේ වඩාත් ඉහළ තැනකට ගෙනයාවි” යයි ජොහාන් මුලර් කියයි.

දස්කම් ඉහළයාමත් සමගින් නැමීබියාවට අන්තර්ජාතික කි‍්‍රකට් සභාවෙන් ලැබෙන මුදල ද වැඩි විය.

”එක්දින වරම් හිමිවෙන්න කලින්, අපට ලැබුණේ ඩොලර් ලක්‍ෂ 5 සිට ලක්‍ෂ 5.5 විතර ගණනක්. ඒත් දැන් ඒක ඩොලර් ලක්‍ෂ 11 ක් විතර වෙලා තියෙනවා. ලෝක කි‍්‍රකට් ලීගයේ දෙවැනි පෙළ තරග වලදී අපි හොඳින් සෙල්ලම් කළොත්, තවත් අවරුදු 3 ක් විතර හොඳ මුදලක් ලබාගන්න අපට පුළුවන්”

”ඒත් අපේ සම්පූර්ණ ආදායමෙන් 10% ක් විතර එන්නේ දේශීය අනුග‍්‍රාහකයන්ගෙන්” යයිද මුලර් කියයි.

නැමීබියටවට ඇති බරපතළම ප‍්‍රශ්නය එහි කුඩා ජනගහණයයි. නැමීබියාවේ ජනගහණය ලක්‍ෂ 25 කි. ප‍්‍රධාන ආදායම් මාර්ග වන්නේ ගොවිතැන සහ සංචාරක ව්‍යාපාරයයි. එබැවින් කී‍්‍රඩාව එහි හොඳ ආදායම් මාර්ගයක් නොවේ. එහෙත් නැමීබියානු කි‍්‍රකට් ආයතනයේ බලාපොරොත්තුව එම තත්ත්වය වෙනස්වනු ඇත යන්නයි.

 


අදහස් (0)

නැමීබියාව පෙරළියකට සැරසෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.