Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කාන්තා ලෝක කුසලාන තරගාවලියේ අටවැනි තරගය ලෙස නවසීලන්තය සහ ඉන්දියාව අතර හැමිල්ටන්හි සෙඩෝන් උද්‍යාන කී‍්‍රඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 62 ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කී‍්‍රඩිකාවෝ සමත් වූහ. මෙවර තරගාවලියේදී නවසීලන්ත කාන්තා කණ්ඩායම ලැබූ දෙවැනි ජයග‍්‍රහණය මෙය විය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 261 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායමට ලියා ටහූහූ සහ ඇමීලියා කේර් ප‍්‍රමුඛ නවසීලන්ත පන්දු යවන්නියන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 46.4 ක් අවසන් වන විට සියලූ දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 198 ක් පමණි. එහිදී ලියා සහ ඇමීලියා කඩුලූ 3 බැගින් බිඳහෙළුහ.
ඉන්දීය කාන්තා ඉනිමේ වැඩිම ලකුණු ලාභිණිය බවට පත්වූ හර්මන්පී‍්‍රත් කෞර් පන්දු 63 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 71 ක් රැුස්කළද, ඉන්දීය කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට තරම් එය ප‍්‍රමාණවත් නොවීය. නායිකා මිතාලි රාජ් පන්දු 56 කදී ලකුණු 31 ක් රැුස්කළේ හතරේ පහරක් සමගිනි.
පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කාන්තා කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලූ 9 ක් දැවී ලකුණු 260 ක් ලබාගත් අතර එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ ඇමී සැටර්ත්වයිට් පන්දු 84 කදී ලකුණු 75 ක් රැුස්කළේ හතරේ පහර 9 ක් සමගිනි. නායිකා සොෆී ඬේවින් පන්දු 30 කදී හතරේ පහර 7 ක් සමග වේගවත් ලකුණු 35 ක් රැස්කළාය.
ඇමීලියා කේර් (50) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 67 කදී ලකුණු 67 ක සම්බන්ධතාවක් ගොඩනැගූ සැටර්ත්වයිට්, ඉන් නොනැවතී මැඞී ගී‍්‍රන් (27) සමග එක්ව පන්දු 67 කදී ලකුණු 54 ක සම්බවන්ධතාවක්ද ගොඩනගමින් නවසීලන්ත කාන්තා කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.
පන්දු 64 කදී වාර්තා වූ ඇමීලියා කේර්ගේ අර්ධ ශතකයට හතරේ පහර 5 ක් ඇතුළත් වූ අතර පන්දු 36 කට මුහුණදුන් මැඞී ගී‍්‍රන් ලකුණු රැස්කළේ හතරේ පහර 3 ක් සමගිනි. හයවැනි පිතිකාරිණිය ලෙස පිටියට පිවිසි කෙටී මාටින් පන්දු 51 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 41 ක් රැස්කිරීමට සමත් වූවාය.
නවසීලන්ත කාන්තා පිල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 260
(සොෆී ඬේවින් 35, ඇමීලියා කේර් 50, ඇමී සැටර්ත්වයිට් 75, මැඞී ගී‍්‍රන් 27, කෙටී මාර්ටින් 41, පූජා වස්ත‍්‍රකාර් 34/4, රාජේෂ්වරී ගයික්වාද් 46/2)
ඉන්දීය කාන්තා පිල - ඕවර 46.4 කදී සියලු දෙනා දැවී 198
(යස්ටිකා භාතියා 28, මිතාලි රාජ් 31, හර්මන්පී‍්‍රත් කෞර් 71, ස්නේහා රානා 18, ජූලාන් ගොස්වාමි 15, ලියා ටාහූහූ 17/3, ඇමීලියා කේර් 56/3, හේලි ජෙන්සන් 30/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.