Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව මවුන්ට් මවුන්ගානුයිහි බේ ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිවුවැනි දිනය (4 වැනිදා) සඳහා ක්‍රීඩාව නතර කරන විට නවසීලන්ත කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 5 ක් දැවී ලකුණු 147 ක් ලබා සිටියේය. ඒ අනුව ඔවුන් බංග්ලාදේශයට වඩා ලකුණු 17 ක් ඉදිරියෙන් සිටි නමුත් ඔවුන් සතුව ඉතිරිව තිබුණේ තවත් කඩුලු 5 ක් පමණි.
සිවුවැනි දිනය සඳහා තරගය නතර කරන විට රොස් ටේලර් හතරේ පහර 2 ක් සමග ලකුණු 37 ක්ද, රචින් රවින්ද්‍ර හතරේ පහරක් සමග ලකුණු 6 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. නවසීලන්ත දෙවැනි ඉනිමේ පළමු කඩුල්ල ලෙස ටස්කින් අහමඩ්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් තාවකාළික නායක ටොම් ලේතම් ලකුණු 14 කට දැවී ගියේය. ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ ඉබාදත් හොසේන් ලකුණු 39 ක් ලබාදෙමින් නවසීලන්ත කණ්ඩායමේ කඩුලු 4 ක් උදුරා ගත්තේය.
ඩෙවොන් කොන්වේ ලකුණු 13 කට පිටියෙන් ඉවත් කළ හොසේන්, ආරම්භක පිතිකරු විල් යංග්ගේ ඉනිමද ලකුණු 69 කට සීමා කළේය. යංග් දවාගත් ඕවරයේදීම හෙන්රි නිකෝල්ස්ද (0) ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවූ හොසේන්, ඉන් අනතුරුව පිටියට පිවිසි ටොම් බ්ලන්ඩල්ටද (0) ලකුණු ලබාගැනීමට ඉඩක් නොදුන්නේය.
තෙවැනි දිනය වූ ඊයේ (3 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 6 ක් දැවී ලකුණු 401 ක් ලබා සිටි බංග්ලාදේශ පිතිකරුවෝ අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 57 ක් එක්කර ගත්හ. මෙහෙදි හසන් හතරේ පහර 8 ක් සමග ලකුණු 47 ක් රැස්කළ අතර යසිර් අලී ලකුණු 26 ක් රැස්කළේ හතරේ පහරක් සමගිනි.
එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ ටේරන්ට් බෝල්ට් ලකුණු 85 කට කඩුලු 4 ක් දවාගත් අතර නීල් වැග්නර් කඩුලු 3 ක්ද, ටිම් සවුති කඩුලු 2 ක්ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
නවසීලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 328
බංග්ලාදේශ පළමු ඉනිම - සියලු දෙනා දැවී 458
(සද්මන් ඉස්ලාම් 22, මහමදුල් හසන් 78, නජ්මුල් හොසේන් 64, මොමිනුල් හක් 88, ලිටන් දාස් 86, යසිර් අලී 26, මෙහෙදි හසන් 47, ටේරන්ට් බොල්ට් 85/4, නීල් වැග්නර් 101/3, ටිම් සවුති 114/2)
නවසීලන්ත දෙවැනි ඉනිම - කඩුලු 5 ක් දැවී 147
(විල් යංග් 69, රොස් ටේලර් නොදැවී 37, ඉබාදත් හොසේන් 39/4)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.