Last Update  :  2025-07-26 19:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නයිට් - ඩීන් එංගලන්තය දිනවති
කාන්තා ලෝක කුසලාන - 2022

නයිට් - ඩීන් එංගලන්තය දිනවති

editorial - 2022 මාර් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හෙදර් නයිට්ගේ (නොදැවී 53) පිතිහරඹයත්, චාර්ලී ඩීන්ගේ (23/4) පන්දු යැවීමත් හමුවේ ඉන්දීය කාන්තා පිලට එරෙහිව බේ ඕවල්හිදී අද (16 වැනිදා) පැවැති කාන්තා ලෝක කුසලාන තරගාවලියේ 15 වැනි තරගය කඩුලු 4 කින් ජය ගැනීමට එංගලන්ත කාන්තා පිල සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 135 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත කාන්තා පිල ඕවර 31.2 කදී කඩුලු 6 ක් දැවී ඉලක්කය පසුකර යෑමට සමත්විය.

නායිකා හෙදර් නයිට් පන්දු 72 කදී හතරේ පහර 8 ක් සමගින් නොදැවී ලකුණු 53 ක් සහ නැට් සේවියර් පන්දු 46 කදී හතරේ පහර 87 ක් සමගින් ලකුණු 45 ක් ද ලබාගනිමින් එංගලන්ත කාන්තා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.

ලකුණු 4 කට කඩුලු 2 ක් බිඳ වැටී තිබියදී තෙවැනි කඩුල්ල සඳහා එක්වූ හෙදර් නයිට් සහ නැට් සේවියර් පන්දු 84 කදී ලකුණු 65 ක සම්බන්ධතාවක්ද ගොඩනැගූහ.

මේග්නා සිං ලකුණු 26 කට කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වුවද ඉන්දීයා කාත්තා පිල පරාජයෙන් ගලවා ගැනීමට අපොහොසත් වූවාය.

කාසියේ වාසිය දිනූ එංගලන්ත කාන්තා පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කාන්තා පිලට ඕවර 36.2 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 134 ක් පමණි.

ආරම්භක පිතිකාරිණි ස්මි්‍රති මන්ධනා පන්දු 58 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 35 ක් ද, මැද පෙළ පිතිකාරිණි රිචා ඝෝෂ් පන්දු 56 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 33 ක් සහ පසුපෙළ පිතිකාරිණි ජුලාම් ගෝස්වාමී පන්දු 26 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 20 ක් ලබාගැනීමට සමත්වූහ.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ චාර්ලී ඩීන් ලකුණු 23 කට කඩුලු 4 ක් සහ ආන්‍යා ශෘබ්සෝල් ලකුණු 20 කට කඩුලු 2 ක් දවාගනිමින් ඉන්දීය පිතිකාරිණියන් මෙල්ල කිරීමට සමත්වූහ.

තරගයේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය චාර්ලී ඩීන් දිනාගත්තාය.

ඉන්දියාව - ඕවර 36.2 කදී සියලුදෙනා දැවී 134
(ස්ම්‍රිති මන්ධනා 35, රිචා ඝෝෂ් 33, ජුලාම් ගෝස්වාමී 20, චාර්ලී ඩීන් 23/4, ආන්‍යා ශෘබ්සෝල් 20/2)

එංගලන්තය - ඕවර 31.2 කදී කඩුලු 6 ක් දැවී 136
(හෙදර් නයිට් නොදැවී 53, නැට් සේවියර් 45, මේග්නා සිං 26/3)


අදහස් (0)

නයිට් - ඩීන් එංගලන්තය දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.