Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ )
ජපානයේ ටෝකියෝ නුවරදී රටවල් 198 කගේ සහභාගිත්වයෙන් 20 වැනි ලෝක මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය අද (13 වැනිදා) ආරම්භ වේ. සැප්තැම්බර් 21 වැනිදා දක්වා එහිදී පැවැත්වෙන මෙවර ලෝක මලල ක්‍රීඩා තරගාවලියේ ශ්‍රී ලංකා සහභාගිත්වය හෙට (14 වැනිදා) සිට ආරම්භ වේ.
ජපානය සත්කාරය දරන තෙවැනි ලෝක මලල ක්‍රීඩා තරගාවලිය මෙයයි. මීට පෙර1991 (ටෝකියෝ) හා 2007 ( ඔසාකා) යන ලෝක මලල ක්‍රීඩා තරගාවලි දෙකකට ජපානය සත්කාරය දරා ඇත. ඔසාකා (2007) තරගාවලියේදී ශ්‍රී ලංකාව අවසන් වරට ලෝක ශූරතා මලල ක්‍රීඩා පදක්කමක් දිනා ඇත. ඒ සුසන්තිකා ජයසිංහ මීටර 200 (කාන්තා) ඉසව්වෙන් හිමි කර ගත් ලෝකඩ පදක්කමයි.
ටෝකියෝ ලෝක මලල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාවේ සහභාගිත්වය එක් ක්‍රීඩිකාවකට හා ක්‍රීඩකයන් දෙදෙනෙකුට සීමාවී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩිකා නදීෂා රාමනායක මීටර 400 (කාන්තා) ඉසව්වේ මූලික වටයට ඉරිදා තරග වැදීමට නියමිතය. එය ජපන් වේලාවෙන් රාත්‍රී 7.30 ට ආරම්භ වේ. එය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.55 වේ.
30 හැවිරිදි නදීෂා රාමනායක ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියකට සහභාගි වන පළමු අවස්ථාව මෙයයි. ටෝකියෝ තරගාවලියට ශ්‍රී ලංකාවෙන් කාන්තා ඉසව් වෙතින් කිසිදු ක්‍රීඩිකාවක් සුදුසුකම් සනාථ කරමින් නිර්දේශ ලබා ගැනීමට අපොහොසත්වීම තුළ දෙවනුව සළකා බැලෙන ප්‍රසාද ලකුණු ක්‍රමයෙන් ඇයට ශ්‍රී ලංකාවේ සහභාගිත්වය ප්‍රදානය වූවාය.
වසර 2023 බැංකොක් ආසියානු ශූරතා තරගාවලියේදී මීටර 400 (කාන්තා) ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමෙන් මෑත කාලයේදී වඩාත්ම අවධානය දිනා ගත් නදීෂා මුල් කාලයේදී තරග වැදුණු මීටර 3000, මීටර 200 හා පසුව මීටර 800 යන ඉසව් අත් හැර මීටර 400 ඉසව්වට ප්‍රවේශ වී තිබේ. වසර 2013 සිට ජාත්‍යන්තර තරග බිමට පිවිස සිටින ඇය මේ වන විට ආසියානු ශූරතා රන් පදක්කමක්, ඇතුළුව ආසියානු ශූරතා සහය දිවීමේ රිදී පදක්කම් දෙකක්, එක් සහය දිවීමේ ලෝකඩ පදක්කමක් හා ආසියානු ක්‍රීඩා සහය දිවීමේ ලෝකඩ පදක්කමක් ප්‍රධාන වශයෙන් දිනා ඇත.
2023 බැංකොක් ආසියානු තරගාවලියේ ඇය මෙතෙක් ඉසව්වේ හොදම දක්ෂතාවය (තත්පර 52.61) පළ කර තිබේ. 2009 බර්ලින් ලෝක ශූරතාවලියට චන්ද්‍රිකා රස්නායක සහභාගිවීමෙන් පසුව මීටර 400 (කාන්තා) ඉසව්වට ශ්‍රී ලංකාවෙන් තරග වදින පළමු ක්‍රීඩිකාව නදීෂා රාමනායකයි.
නදීෂා රාමනායක ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ මාණ්ඩලික සාජන්ට් වරියක් ලෙස සේවය කරයි. ඇය වීරකැටිය රාජපක්ෂ මධ්‍ය මහ විදුහලේ ආදී ශිෂ්‍යාාවකි .මීටර 400 (කාන්තා) ඉසව්වේ අවසන් පූර්ව හා අවසන් මහ තරග අගහරුවාදා (16) හා බ්‍රහස්පතින්දා (18) පැවැත්වේ.
ටෝකියෝ ලෝක තරගාවලියට ශ්‍රී ලංකාවෙන් සුදුසුකම් සනාථ කරමින් කෙළින්ම නිර්දේශ ලබා ගත් මෙරට හෙල්ල විසි කිරීමේ ශූරයන් දෙදෙනා වන රුමේෂ් තරංග පතිරගේ හා සුමේධ රණසිංහ අවසන් තරගයට ප්‍රවේශවීමේ නිර්දේශ තරග වටයට බදාදා (17) සහභාගි වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.