Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මෙවර පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවේ ඉහළම බලාපොරොත්තුව වූ යුපුන් අබේකෝන් මීටර 100 පිරිමි ඉසව්වේදී ලෝකඩ පදක්කමක් දිනාගත්තේය. ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද (04 වැනිදා) අලුයම 2.00 ට පැවැති අවසන් තරගයේදී තත්ත්පර 10.14 කින් මීටර 100 ඉසවව අවසන් කළ යුපුන් මෙවර පොදුරාජ්‍ය ක්‍රීඩා උළෙලේ දෙවැනි පදක්කම ශ්‍රී ලංකාවට දිනා දුන්නේය.
බර්මින්හැම් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව මෙතෙක් දිනාගෙන ඇත්තේ ලෝකඩ පදක්කම් දෙකක් පමණි.
ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩකයකු පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී පදක්කමක් දිනාගත්තේ වසර 24 කට පසුවය. අවසන් වරට පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් මලල ක්‍රීඩාවෙන් පදක්කම් දිනාගත්තේ 1998 ක්වාලාලම්පූර් ක්‍රීඩා උළෙලේදී සුගත් තිලකරත්න (මීටර 400) සහ ශ්‍රියානි කුලවංශ (මීටර 100 කඩුලු පැන දිවීම) දෙදෙනා විසිනි.
බර්මින්හැම් ක්‍රීඩා උළෙලේ අවසන් පූර්ව වටයේදී හොඳම කාලය වාර්තා කළ ක්‍රීඩකයන් 8 දෙනා අතරට එක්වෙමින්, යුපුන් මීටර 100 ඉසව්වේ අවසන් වටයට පැමිණියේය. අවසන් පූර්ව වටයේ තුන්වැනි ක්‍රීඩක පොකුරට එක්වූ යුපුන් එහිදී සිව්වැනියා වූවද තරග කාලය අනුව අවසන් වටයට සුදුසුකම් ලබාගත්තේය. අවසන් තරගයේදී ඔහුගේ දස්කම් ඉහළ නැග තිබිණ.
කෙන්යාවේ ෆර්ඩිනන්ඩ් ඔමාන්යාලා (තත් 10.02) මෙම ඉසව්වේ රන් පදක්කම දිනාගත්තේය. පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර 100 හිටපු ශූරයා වන දකුණු අප්‍රිකාවේ අකානි සිම්බින් (තත්. 10.13) ට රිදී පදක්කම හිමිවිය.
මූලික වටයේදී තරග කළ ක්‍රීඩකයන් 70 දෙනකු අතුරින් හොඳම කාලය (තත්ත්පර 10.06) වාර්තා කළ යුපුන්, පහසුවෙන්ම අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගත්තේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.