Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දෙවැනි නව පන්දුව ලබාගැනීමත් සමගම ඕස්ටේ‍්‍රලියානු ඉනිම සසළ කළ පාකිස්තානුවෝ රාවල්පිණ්ඩි නුවරදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනයේදී කඩුලූ 5 ක් දවාගත්හ. ඒ හේතුවෙන් ඕස්ටේ‍්‍රලියානුවන්ට තරගයේ වාසිය නොදුන් පාකිස්තානුවෝ සිව්වැනි දිනය නිමාවන විට ඕස්ටේ‍්‍රලියානු ඉනිම කඩුලූ 7 ක් දැවී ලකුණු 449 කට සීමා කළහ.
තරගයේ තුන්වැනි දිනයේදි ඕස්ටේ‍්‍රලියානුවන් ලකුණු 271 ක් ලබාගන්නා අතරතුරදී පාකිස්තානුවන්ට දවාගත හැකිවූයේ කඩුලූ 2 ක් පමණි. අද පෙරවරුවේදී එතැනින් ආරම්භ කළ මානස් ලැබුෂේන් (90) සහ ස්ටීවන් ස්මිත් (78) දෙදෙනා, ලකුණු සංඛ්‍යාව 311 දක්වා ගෙන ගියද දෙවැනි නව පන්දුවෙන් ඇතිවූ කඩුලූ බිඳ වැටීම ඕස්ටේ‍්‍රලියානුවන්ට වාසිය අහිමි කළේය.
කෙසේ වෙතත් මෙම තරගයේ තීරණයක් පෙනෙන තෙක් මානයක නැති අතර තවත් ඉතිරිව ඇත්තේ අවසන් දිනය පමණි.
දෙවැනි නව පන්දුව ලබාගැනීමත් සමගින් තරගයට අවතීර්ණ වූ පාකිස්තානු පන්දු යවන්නෝ ඕවර 8 ඇතුළත මානස් ලැබුෂේන් සහ ට‍්‍රැවිස් හෙඞ් දෙදෙනාම පිටියෙන් ඉවත් කළහ. ඕස්ටේ‍්‍රලියානු පිලේ ආරම්භක පිතිකරු උස්මන් කවාජා (97), මානස් ලැබුෂේන් (90) සහ ස්ටීවන් ස්මිත් (78) තිදෙනාම ශතක පෙනි පෙනී දැවීගිය අතර වමතින් පන්දු යවන නවුමන් අලී කඩුලූ 4 ක් දවාගනිමින් ඕස්ටේ‍්‍රලියානු ඉනිම සසළ කළේය.
ආරක්‍ෂක හේතූන් වෙනුවෙන් පාකිස්තානයේ සංචාරය කිරීම ප‍්‍රතික්ෂේප කරමින් සිටි ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම පාකිස්තානයේ සංචාරය කරන්නේ වසර 24 කට පසුවය.
පාකිස්තානය - පළමු ඉනිම කඩුලූ 4 ට 476
ඕස්ටේ‍්‍රලියාව - පළමු ඉනිම කඩුලූ 7 ට 449
(උස්මන් කවාජා 97, ඬේවිඞ් වෝනර් 68, මානස් ලැබෂේන් 90, ස්ටීවන් ස්මිත් 78, කැමරන් ගී‍්‍රන් 48, ඇලෙක්ස් කේරි 19, මිචෙල් ස්ටාක් නොදැවී 12, නවුමන් අලී 107/4)
-213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.