Last Update  :  2025-12-07 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දෙවැනි දිනයේදී ශතක 5 ක්
අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට්

දෙවැනි දිනයේදී ශතක 5 ක්

editorial - 2025 දෙසැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ පළමු සතියේ තරග අද (7 වැනිදා) දෙවැනි දිනටත් කොළඹ, ගාල්ල සහ මග්ගොන ක්‍රීඩාංගණ 6 කදී පැවැති අතර දෙවැනි දිනයේදී ශතක 5 ක් වාර්තා විය. 

එහිදී ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට කෝල්ට්ස් කණ්ඩායමේ දිනේෂ් චන්දිමාල් (152) සමත් වූ අතර හලාවත මේරියන්ස් කණ්ඩායමට එරෙහිව පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී ඔහු ලබාගත් එම ශතකය හයේ පහර 4 කින් සහ හතරේ පහර 9 කින් සමන්විත විය. 

ඊට අමතරව සී.සී.සී. කණ්ඩායමේ ධනංජය ද සිල්වා (117) නුගේගොඩ කණ්ඩායමට එරෙහිවත්, මුවර්ස් කණ්ඩායමේ පසිඳු සූරියබණ්ඩාර (100) බී.ආර්.සී. කණ්ඩායමට එරෙහිවත්, ඒස් කැපිටල්ස් කණ්ඩායමේ හිමාෂ ලියනගේ (නොදැවී 106) කුරුණෑගල යොවුන් කණ්ඩායමට එරෙහිවත්, ද්‍රවිඩ සංගම් කණ්ඩායමේ ශාරුජන් ශන්මුගනාදන් (123) බදුරලිය කණ්ඩායමට එරෙහිවත් දෙවැනි දිනයේදී ශතක ලබාගත්හ. 

සී.සී.සී. කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පිතිහරඹයක නිරත වූ පවන් රත්නායක හයේ පහර 5 ක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 98 ක් ලබා ශතකය පෙනි පෙනී සිටියදී ඉතා අවාසනාවන්ත ලෙස දැවී ගියේය. විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ පොලිස් කණ්ඩායමේ දිලුම් සුදීර පානදුර කණ්ඩායමට එරෙහිව ඉනිම් දෙකේදීම කඩුලු 5 බැගින් දවාගැනීමට සමත් විය. 


පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී 
හලාවත මේරියන්ස් පළමු ඉනිම - සියලු දෙනා දැවී 232 
(ලසිත් ලක්ෂාන් 54, සකුණ ලියනගේ 20, කල්හාර සේනාරත්න 59, සිතුම් දිසානායක 27, හර්ෂණ වික්‍රමසිංහ 44/4, අකිල ධනංජය 77/3) 

කෝල්ට්ස් පළමු ඉනිම - කඩුලු 8 ක් දැවී 329 
(ශලින් ද මෙල් 76, දිනේෂ් චන්දිමාල් 152, දුනිත් වෙල්ලාලගේ 27, කෞමාල් නානායක්කාර 62/3, මෙලන් හංසික 94/3, කල්හාර සේනාරත්න 61/2) 

 

එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී 
සී.සී.සී. පළමු ඉනිම - කඩුලු 9 ක් දැවී 452
(නිෂාන් මධුෂ්ක 21, ලසිත් කෲස්පුල්ලේ 21, සහන් කෝසල 75, ධනංජය ද සිල්වා 117, පවන් රත්නායක 98, සොනොල් දිනූෂ 37, නිෂාන් පීරිස් නොදැවී 32, මධුක ලියනපතිරණගේ 115/6, තිලකරත්න සම්පත් 109/2) 

නුගේගොඩ පළමු ඉනිම - කඩුලු 5 ක් දැවී 141 
(අවිෂ්ක පෙරේරා 23, ලොහාන් ද සිල්වා 51, කෙවින් පෙරේරා නොදැවී 38, නිෂාන් පීරිස් 36/3) 

 

කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී 
මුවර්ස් පළමු ඉනිම - කඩුලු 8 ක් දැවී 336 
(සදීර සමරවික්‍රම 21, ජනිෂ්ක පෙරේරා 27, සොහොන් ද ලිවේරා 38, පසිඳු සූරියබණ්ඩාර 100, රමේෂ් මෙන්ඩිස් 47, මිලාන් රත්නායක 35, සන්තුෂ් ගුණතිලක 23, ශෂික දුල්ෂාන් 108/4, මොහොමඩ් ශිරාස් 42/2) 

බී.ආර්.සී. පළමු ඉනිම - කඩුල්ලක් දැවී 26

 

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී 
ඒස් කැපිටල් පළමු ඉනිම - කඩුලු 9 ක් දැවී 406 
(පවන්ත වීරසිංහ 65, නිමේෂ ගුණසිංහ 85, කවිඳු කුලසේකර 40, හිමාෂ ලියනගේ නොදැවී 106, වනුජ සහන් 32, රොෂාන් ජයතිස්ස 40, දිනුෂ්ක මාලන් 66/5, චාමික එදිරිසිංහ 108/2)

කුරුණෑගල යොවුන් පළමු ඉනිම - කඩුලු 4 ක් දැවී 70
(ගයාන් මනීෂාන් 39, රෙෂාන් ජයතිස්ස 10/2) 

 

සී.සී.සී. ක්‍රීඩාංගණයේදී 
ද්‍රවිඩ සංගම් පළමු ඉනිම - සියලු දෙනා දැවී 347
(නවෝද් පරණවිතාන 46, සිනෙත් ජයවර්ධන 22, මිනෝද් භානුක 23, ශාරුජන් ශන්මුගනාදන් 123, සචිත ජයතිලක 51, තරිඳු රත්නායක 35, කළණ පෙරේරා 21, බුද්ධික සංජීව 73/4, මාලින්ද පුෂ්පකුමාර 96/3)

බදුරලිය පළමු ඉනිම - කඩුලු 2 ක් දැවී 68 
(දිල්ෂාන් ද සොයිසා 28, රොෂාන් විජේනායක නොදැවී 38) 

 

මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී 
පානදුර පළමු ඉනිම - සියලු දෙනා දැවී 196 
(ඕෂද ප්‍රනාන්දු 45, සසිඳු මල්ෂාන් 65, දුෂාන් හේමන්ත 46, දිලුම් සුදීර 77/5) 

පොලිස් පළමු ඉනිම - සියලු දෙනා දැවී 155 
(දුලාෂ් උදයංග 21, අෂේන් බණ්ඩාර 24, විෂාද් රන්දික 26, දුෂාන් විමුක්ති 33/4, අසංක මනෝජ් 42/3, නිමේෂ් විමුක්ති 26/2) 

පානදුර දෙවැනි ඉනිම - කඩුලු 8 ක් දැවී 194 
(ඕෂද ප්‍රනාන්දු 47, ඉරෝෂ් සමරසූරිය 48, විෂ්ව චතුරංග 34, ශාලිත ප්‍රනාන්දු 23, කාංචන ද සිල්වා නොදැවී 41, දිලුම් සුදීර 84/5) 

 


අදහස් (0)

දෙවැනි දිනයේදී ශතක 5 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.