Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දෘශ්‍යාබාධිත පාසලේ කී‍්‍රඩා ශූරතාව සොයිසා නිවාසයට

දෘශ්‍යාබාධිත පාසලේ කී‍්‍රඩා ශූරතාව සොයිසා නිවාසයට

දිලිනි මල්රුක්ෂි - 2014 මාර් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දෘශ්‍යාබාධිත දරුවන් සඳහා පවත්වාගෙන යනු ලබන රත්මලාන අන්ධ විද්‍යාලයේ 62 වැනි නිවාසාන්තර කී‍්‍රඩා උළෙලේ ශූරතාව දිනාගැනීමට ලකුණු 126 ක් ලබාගත් ‘ද සොයිසා’ නිවාසය සමත්විය. එහි අනුශූරතාව ලකුණු 115 ලබාගත් ‘ජැක්මන්’ නිවාසයටත්, තෙවැනි ස්ථානය ලකුණු 109 ක් ලබාගත් ‘බෝසා’ නිවාසයටත් හිමිවිය.

සාමාන්‍ය දරුවන්ගේ කී‍්‍රඩා මෙන්ම දෘශ්‍යාබාධිත දරුවන්ට සුවිශේෂීවූ කී‍්‍රඩාද මෙම කී‍්‍රඩා උළෙලට ඇතුළත්වූ අතර බොරු කකුල් පැළදගෙන දිවීමේ තරග, සහය දිවීමේ තරග සහ කඹ ඇදීමේ තරගද ඊට අන්තර්ගත විය.

විදුහලේ ආදි ශිෂ්‍යයන් සහ වත්මන් ශිෂ්‍යයන් අතර පැවති කඹ ඇදීමේ තරගයෙන් ආදි ශිෂ්‍යයන් පරදවා වත්මන් ශිෂ්‍යයෝ ජය ලැබූහ.

සහය දිවීමේ තරගයේදී සම්පූර්ණයෙන්ම ඇස් නොපෙනෙන සිසුන්, අර්ධ වශයෙන් ඇස් පෙනෙන සිසුන් සමග එක්ව ධාවනයේ යෙදුන අතර තරගය ජය ගැනීම සඳහා ඔවුන් සීනූ නාදයක් ඇසෙන දිශාවට දිවගියේ සීනු නාදය නොමැතිව තරග නිමාව නිශ්චය කරගැනීමට ඔවුන්ට හැකියාවක් නොතිබුණ නිසාවෙනි.

රත්මලාන අන්ධ විද්‍යාලයීය කී‍්‍රඩා පිටියේදී පැවැති මෙම කී‍්‍රඩා උළෙලේ ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ඉංජිනේරු ශවින්ද්‍රනාත් ප‍්‍රනාන්දු මහතා සහභාගීවිය.


අදහස් (0)

දෘශ්‍යාබාධිත පාසලේ කී‍්‍රඩා ශූරතාව සොයිසා නිවාසයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.