Last Update  :  2025-07-27 20:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දුවිඳුගේ පන්දු යැවීම දඹුල්ලට ජය ගෙනෙයි
එන්.එස්.එල් එක්දින තරගාවලිය

දුවිඳුගේ පන්දු යැවීම දඹුල්ලට ජය ගෙනෙයි

editorial - 2022 පෙබ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

දුවිඳු තිලකරත්නගේ (21/4) දක්ෂ පන්දු යැවීම හමුවේ ගාල්ල පිලට එරෙහිව රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (10 වැනිදා) පැවැති නැෂනල් සුපර් ලීග් තරගාවලියේ 16 වැනි තරගය කඩුලු 5 කින් ජයගැනීමට දඹුල්ල පිල සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 126 ක ඉලක්කයක් හඹාගිය දඹුල්ල පිල ඕවර 24.5 කදී කඩුලු 5 ක් පමණක් දැවී පහසුවෙන් ඉලක්කය පසුකර ගියේය.

අෂාන් ප්‍රියංජන් ලකුණු 31 ක් ලබාගැනීමට සමත්වූ අතර සමීර සඳමාල් නොදැවී ලකුණු 26 ක් සහ දුෂාන් හේමන්ත නොදැවී ලකුණු 28 ක් රැස්කරමින් දඹුල්ල පිල ජයග්‍රහණය කරා රැගෙන ගියහ.

ධනංජය ලක්ෂාන්, කවිෂ්ක අංජුල, නිමේෂ් විමුක්ති, චලන ද සිල්වා සහ අකිල ධනංජය කඩුල්ල බැගින් දවාගැනීමට සමත් වුවද ගාල්ල පිල පරාජයෙන් ගලවා ගැනීමට අපොහොසත් වූහ.

කාසියේ වාසිය දිනූ දඹුල්ල පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ගාල්ල පිලට ඕවර 33.4 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 125 ක් පමණි.

ලකුණු 29 ක් ලබාගත් හිමාෂ ලියනගේ ගාල්ල පිලේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ පිතිකරුවන්ගේ දුර්වල පිතිහරඹය හේතුවෙන් ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට ඔවුන්ට නොහැකි වූහ.

දක්ෂ පන් දැවීමක නිරත වූ දුවිඳු තිලකරත්න සිය ඕවර 10 ලකුණු 21 කට සීමා කරමින් කඩුලු 4 ක් දවාගැනීමට සමත්වූහ. අෂාන් ප්‍රියංජන් ලකුණු 10 කට කඩුලු 2 ක් දවාගත්තේය.

ගාල්ල - ඕවර 33.4 කදී සියලුදෙනා දැවී 125
(හිමාෂ ලියනගේ 29, දුවිඳු තිලකරත්න 21/4, අෂාන් ප්‍රියංජන් 10/2)

දඹුල්ල - ඕවර 24.5 කදී කඩුලු 5 ක් දැවී 126
(අෂාන් ප්‍රියංජන් 31, සමීර සඳමාල් නොදැවී 26, දුෂාන් හේමන්ත නොදැවී 28)


අදහස් (0)

දුවිඳුගේ පන්දු යැවීම දඹුල්ලට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.