Last Update  :  2025-07-26 19:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දීපිකාගෙන් වාර්තාගත ඉනිමක්

දීපිකාගෙන් වාර්තාගත ඉනිමක්

editorial - 2022 මාර් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගල්ෆ් කළාපීය රටවල් 6 ක සහභාගීත්වයෙන්  ඕමානයේදී පැවැත්වෙන ගල්ෆ් කුසලාන කාන්තා විස්සයි-20 කි‍්‍රකට් තරගාවලියේ සවුදි අරාබියට එරෙහිව ඊයේ (22 වැනිදා) පැවැති තරගයකදී පන්දු 66 කින් නොදැවී ලකුණු 161 ක් රැස්කිරීමට බහරේන් කණ්ඩායමට කී‍්‍රඩා කරන හිටපු ශ්‍රී ලංකා කී‍්‍රඩිකා දීපිකා රසාංගිකා සමත් වූවාය. 

දීපිකාගේ ශතකයට හතරේ පහර 31 ක් ඇතුලත් වූ අතර කාන්තා විස්සයි-20 ජාත්‍යන්තර කි‍්‍රකට් තරගයකදී කී‍්‍රඩිකාවක් රැුස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසද එය වාර්තා අතරට එක්විය. මින් පෙර එම වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ 2019 වසරේ ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති තරගයකදී නොදැවී ලකුණු 148 ක් රැස්කළ  ඕස්ටේ‍්‍රලියානු කී‍්‍රඩිකා ඇලීසා හීලි විසිනි. 

එහිදී නායිකා තරංගා ගජනායක (නොදැවී 94) සමග එක්ව බහරේන් ඉනිමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 94 කදී ලකුණු 255 ක දැවැන්ත සම්බන්ධතාවක් ගොඩනැගීමටද දීපිකා සමත් වූවාය. ඔවුන් දෙදෙනාගේ අනුකම්පා විරහිත පිතිහරඹය හමුවේ  ඕවර 20 අවසන් වන විට කඩුල්ලක් දැවී ලකුණු 318 ක් රැුස්කිරීමටද බහරේන් කණ්ඩායම සමත් විය. 

කාන්තා විස්සයි-20 තරගයකදී කණ්ඩායමක් රැුස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසත්, කාන්තා විස්සයි-20 තරගයකදී  ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ගොඩනැගුණු දෙවැනි ඉහළම සම්බන්ධතාව ලෙසත් එය සටහන් විය. ලකුණු 49 කට සවුදි ආරාබි කණ්ඩායම සීමා කළ බහරේන් කණ්ඩායම, මෙම තරගයෙන් ලකුණු 269 ක ජයක් ලැබීමට සමත් වූ අතර එය කාන්තා විස්සයි-20 තරගයකින් කණ්ඩායමක් ජය ගත් දෙවැනි ඉහළම ලකුණු පරතරයද විය. 

බහරේන් කාන්තා කණ්ඩායම -  ඕවර 20 කදී කඩුල්ලක් දැවී 318 
(තරංගා ගජනායක නොදැවී 94, දීපිකා රසාංගිකා නොදැවී 161)

සවුදි අරාබි කාන්තා කණ්ඩායම -  ඕවර 20 කදී කඩුලූ 8 ක් දැවී 49 
(දීපිකා රසාංගිකා 09/3, පවිත‍්‍රා ෂෙට්ටි 06/2, සචිනි ජයසිංහ 14/2) 

-036 


අදහස් (0)

දීපිකාගෙන් වාර්තාගත ඉනිමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.