Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ඉදිරි වසර සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයනයේ ගිවිසුම්ගත ක්‍රීඩයන් 29 අතරින් ඉහළම වැටුපක් ලබන ක්‍රීඩකයන් සිවුදෙනා බවට පත්වීමට ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න, උප නායක ධනංජය ද සිල්වා, වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර සමත්වී සිටිති.
නවතම ක්‍රීඩක ගිවිසුම්වලට අනුව ඔවුන් සිවුදෙනාම ‘ඒ’-1 කාණ්ඩයට ඇතුළත්ව සිටින අතර එම කාණ්ඩයට ඇතුළත් ක්‍රීඩකයන්ට ඉදිරි වසර සඳහා ගෙවීමට නියමිත මුදල ඇමරිකානු ඩොලර් ලක්ෂයකි. එය, මේ වන විට පවතින විනිමය අනුපාතය අනුව රුපියල් දෙකෝටි හැත්තෑපන් ලක්ෂයකි.
මෙම ක්‍රීඩකයන් සිවුදෙනාගෙන් ධනංජය ද සිල්වා පමණක් ඉකුත් වසරේදීද මෙම වැටුපටම හිමිකම් කීවේය. ඉකුත් වසරට සාපේක්ෂව මෙම වසරේදී දිමුත් කරුණාරත්නගේ වැටුප ඩොලර් 35,000 කින්ද, වනිඳු හසරංගගේ වැටුප ඩොලර් 40,000 කින්ද, දුෂ්මන්ත චමීරගේ වැටුප ඩොලර් 50,000 කින්ද වැඩි වී තිබේ.
දෙවැනි වැඩිම වටිනාකමකින් යුත් (ඩොලර් 80,000) සමන්විත වන ‘ඒ’-2 කාණ්ඩයට මෙම වසරේදී කිසිඳු ක්‍රීඩකයකු ඇතුළත්ව නොමැත.
තෙවැනි වැඩිම වටිනාකමකින් යුත් (ඩොලර් 65,000) සමන්විත වන ‘බී’-1 කාණ්ඩයට ඇන්ජලෝ මැතිව්ස්, පැතුම් නිස්සංක, ළහිරු තිරිමාන්න, දසුන් ශානක, දිනේෂ් චන්දිමාල් සහ කුසල් ජනිත් යන ක්‍රීඩකයෝ ඇතුළත්ව සිටිති.
කෙසේ වුවත් ඉකුත් වසරේදී වැඩිම වටිනාකමකින් යුක්ත වූ ක්‍රීඩක ගිවිසුමට වූ ‘ඒ’-1 කාණ්ඩයට (ඩොලර් 100,000) ඇතුලත්ව සිටි කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල මෙවර ‘සී’-2 කාණ්ඩය (ඩොලර් 35,000) දක්වා පහළට වැටී ඇත. ඒ අනුව ඔහුගේ වැටුප ඩොලර් 65,000 කින් අඩු වී තිබේ.
දික්වැල්ලට අමතරව ඉකුත් වසරේදී හිමිවූ වැටුපට වඩා මෙවර අඩු වැටුපක් හිමිවන ක්‍රීඩකයන් ලෙස කුසල් මෙන්ඩිස් (ඩොලර් 35,000 කින්), ඕෂධ ප්‍රනාන්දු (ඩොලර් 20,000), ඇන්ජලෝ මැතිව්ස්, කුසල් පෙරේරා, ලක්ෂාන් සඳකැන් (ඩොලර් 15,000 කින්), ලසිත් ඇඹුල්දෙණිය (ඩොලර් 5,000 කින්) හැඳින්විය හැකිය.
නවතම ගිවිසුම් වලට අනුව දිනේෂ් චන්දිමාල්, රමේෂ් මෙන්ඩිස් (ඩොලර් 20,000 කින්), පැතුම් නිස්සංක, ළහිරු තිරිමාන්න (ඩොලර් 10,000 කින්), විශ්ව ප්‍රනාන්දු, ධනුෂ්ක ගුණතිලක (ඩොලර් 5,000 කින්) යන ක්‍රීඩකයන්ගේ වැටුප් වැඩි වී ඇති අතර සීමිත ඕවර කණ්ඩායමේ නායක දසුන් ශානකගේ සහ වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාරගේ වැටුප්වල කිසිදු වෙනසක් සිදුව නොමැත.
ඉදිරි වසර සඳහා චරිත් අසලංක ‘බී’-2 කාණ්ඩයටද (ඩොලර් 55,000), අවිෂ්ක ප්‍රනාන්දු ‘සී’-1 කාණ්ඩයටද (ඩොලර් 45,000), චාමික කරුණාරත්න ‘සී’-2 කාණ්ඩයටද (ඩොලර් 35,000) අලුතින් ඇතුළත්ව සිටිති. ඔවුන් තිදෙනාම ඉකුත් වසරේ ක්‍රීඩකඩ ගිවිසුම්වලට ඇතුළත් නොවූහ.
ඉකුත් වසරේ ගිවිසුම්ගතව සිටි සුරංග ලක්මාල් සහ ඉසුරු උදාන මේ වන විට ක්‍රීඩාවෙන් සමුගෙන සිටීම හේතුවෙන් ඔවුන් මෙවර ගිවිසුම් සඳහා ඇතුලත් කර නොමැති අතර කසුන් රාජිත, අකිල ධනංජය සහ අෂේන් බණ්ඩාර යන ක්‍රීඩකයන්ට මෙවර ගිවිසුම් ලබා දී නොමැත.
කෙසේ වුවත් මහීෂ් තීක්ෂණ, භානුක රාජපක්ෂ, ප්‍රවීන් ජයවික්‍රම, නුවන් ප්‍රදීප්, බිනුර ප්‍රනාන්දු, මිනෝද් භානුක සහ කමිඳු මෙන්ඩිස් යන ක්‍රීඩකයන්ට මෙම වසරේදී අලුතින් දේශීය ගිවිසුම් පිරිනැමීමට ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.
ක්‍රීඩක ගිවිසුම් කාණ්ඩ
‘ඒ’-1 කාණ්ඩය (ඩොලර් 100,000)
■ දිමුත් කරුණාරත්න
■ ධනංජය ද සිල්වා
■ වනිඳු හසරංග
■ දුෂ්මන්ත චමීර
‘ඒ’-2 කාණ්ඩය (ඩොලර් 80,000)
කිසිවකු නැත
‘බී’-1 කාණ්ඩය (ඩොලර් 65,000)
■ ඇන්ජලෝ මැතිව්ස්
■ පැතුම් නිස්සංක
■ ළහිරු තිරිමාන්න
■ දසුන් ශානක
■ දිනේෂ් චන්දිමාල්
■ කුසල් ජනිත්
‘බී’-2 කාණ්ඩය (ඩොලර් 55,000)
■ ලසිත් ඇඹුල්දෙණිය
■ රමේෂ් මෙන්ඩිස්
■ චරිත් අසලංක
‘සී’-1 කාණ්ඩය (ඩොලර් 45,000)
■ විශ්ව ප්‍රනාන්දු
■ අවිෂ්ක ප්‍රනාන්දු
‘සී’-2 කාණ්ඩය (ඩොලර් 35,000)
■ චාමික කරුණාරත්න
■ නිරෝෂන් දික්වැල්ල
■ ධනුෂ්ක ගුණතිලක
■ කුසල් මෙන්ඩිස්
දේශීය කාණ්ඩය
■ ළහිරු කුමාර (ඩොලර් 30,000)
■ ලක්ෂාන් සඳකැන් (ඩොලර් 30,000)
■ මහීෂ් තීක්ෂණ (ඩොලර් 30,000)
■ භානුක රාජපක්ෂ (ඩොලර් 25,000)
■ ප්‍රවීන් ජයවික්‍රම (ඩොලර් 20,000)
■ නුවන් ප්‍රදීප් (ඩොලර් 20,000)
■ ඕෂධ ප්‍රනාන්දු (ඩොලර් 15,000)
■ බිනුර ප්‍රනාන්දු (ඩොලර් 15,000)
■ මිනෝද් භානුක (ඩොලර් 15,000)
■ කමිඳු මෙන්ඩිස් (ඩොලර් 15,000)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.