
චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ සජීවී සන්නාමය ලෙසින් සැලකෙන මහේන්ද්‍ර සිං දෝනිට කලව මස්පිඬුවේ ආබාධයක් හේතුවෙන් සති 2 ක් ක්‍රීඩා පිටියෙන් ඉවත්වීමට සිදුවී තිබේ. ඒ අනුව ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) තරගාවලියේ පළමු සති දෙක සඳහා ක්‍රීඩා නොකිරීමට දෝනිට සිදුවනු ඇත.
දෝනි වෙනුවට, සංජු සැම්සන් හෝ උර්විල් පටෙල් චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් කඩුලු රැකීමේ රාජකාරි භාර ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.
දෝනි කණ්ඩායමේ නායකයා නොවූවද, ඔහු කණ්ඩායමේ සාර්ථකත්වය වෙනුවෙන් විශාල දායකත්වයක් දරන ක්‍රීඩකයෙකි. දෝනි නොමැතිව ක්‍රීඩා කිරීම චෙන්නායි කණ්ඩායමේ නායකත්වය සහ තරග අවසන් කිරීමේ හැකියාව පිළිබඳ පරීක්ෂණයක් වැන්න.
2020 දී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත් දෝනි, එතැන් සිට අයි.පී,එල්. තරඟාවලියේ පමණක් ක්‍රීඩා කරයි. පසුගිය තරඟ වාරයේ, ඔහු තරඟ 14 කට සහභාගී වූ අතර, පන්දු 100 කදී ලකුණු 135 ට වැඩි ප්‍රවේගයකින් යුතුව ලකුණු 196 ක් ලබා ගත්තේය.
ආබාධයක් හේතුවෙන් රුතුරාජ් ගයික්වාඩ් තාවකාලිකව නායකත්වයෙන් ඉවත් වූ අවස්ථාවේදී කෙටි කලකට දෝනි චෙන්නායි සුපර් කිංග්ස් පිලේ නායකත්වය බාර ගත්තේය.
මේ වන විට 44 වැනි වියේ පසුවූවද, දෝනි තවමත් චෙන්නායි සුපර් කිංග්ස් පිලේ බලගතු චරිතයකි. සිය ආබාධයෙන් සුවය ලබා මෙම තරග වාරයේ මැද භාගයේදී නැවත පිටියට පිවිසියහොත්, අයි.පී.එල්. තරගාවලියේ වයස්ගතම ඉන්දියානුවා ලෙසින් දෝනි වාර්තා පොතට එක්වනු ඇත. කෙසේ වෙතත් තරගාවලිය ආරම්භයේදී තමන්ගේ ප්රබලතම සජීවී සන්නාමය නොමැතිව, තරගාවලිය හසුරුවා ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් පිලට සිදුවනු ඇත.
චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මාර්තු 30 වැනිදා රාජස්ථාන් රෝයල්ස් පිලට එරෙහිව තරග කරමින් 2026 අයි.පී.එල්. තරගාවලිය ආරම්භ කරයි.
චෙන්නායි පිලේ ඉදිරි තරග සැලැස්ම අනුව දෝනි ක්‍රීඩා නොකරනු ඇතැයි සැලකෙන තරග
■ මාර්තු 30 : රාජස්ථාන් රෝයල්ස් පිලට එරෙහිව
■ අප්‍රේල් 3 : පන්ජාබ් කිංග්ස් පිලට එරෙහිව
■ අප්‍රේල් 5 : රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිලට එරෙහිව
■ අප්‍රේල් 11 : දිල්ලි කැපිටල්ස් පිලට එරෙහිව
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.