Last Update  :  2025-10-02 21:46:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 60 ක්

දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 60 ක්

editorial - 2025 සැප් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ )

වසර 2008 න් පසුව පළමු වතාවට සංවිධානය කරන දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය සදහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 65 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් නිර්දේශ කර තිබේ'. මෙම තරගාවලිය ලබන ඔක්තෝබර් 24 - 25 - 26 යන දිනවල ඉන්දියාවේ රංචි නුවරදී පැවැත්වේ.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය මේ වන විට ක්‍රියාත්මක නොවන අතර එහි කටයුතු තාවකාළිකව ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා භාරයට ගෙන තිබේ.එතෙක් ක්‍රියාත්මකවූ ලංකා මලල ක්‍රීඩා ආයතනයේ විධායක සභාව විසින් ඒ වන විට දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලිය සදහා සහභාගි කෙරෙන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම නිර්දේශ කිරීමට පියවර ගත්තේය.

කෙසේවූවත් මෙම තරගාවලියේ සත්කාරය දරමින් ඉන්දියාව අවස්ථා කීපයකදීම එය පැවැත්වීමට දැරූ උත්සහය අසාර්ථක වීමෙන් පසුව මෙලෙස ඒ සදහා අළුතින් දිනා යොදා ගෙන තිබේ.

මේ අතර ලබන ඔක්තෝබර් 22 සිට 31 දක්වා බහරේන් රාජ්‍යයේදී පැවැත්වෙන ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල සදහාත් ශ්‍රී ලංකාව මේ වන විට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 22 දෙදෙනෙකුගෙන් සමන්විත මලල ක්‍රීඩා කණ්ඩායමක් නිර්දේශ කර තිබේ.

පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරදී 2026 ජනවාරි 23 සිට 31 වැනිදා දක්වා පැවැත්වෙන බව ප්‍රකාශ වූ 14 වැනි සාග් (දකුණු ආසියානු) ක්‍රීඩා උළෙල යළි අවලංගු වන තත්වයක් තුළ දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියට කලාපයේ වඩාත් වටිනාකමක් ඇතිවී තිබේ.

එහෙත් එය වසර 17 කට පසුව යළිත් පැවැත්වීමට දරන උත්සහයේදී ඉන්දියාවේ සත්කාරය පාකිස්තානය පිළි නොගන්නා තත්වයක් තුළ ඊට සහභාගි වන රටවල් ගණන හයකට සීමා වනු ඇත.


අදහස් (0)

දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 60 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.