Last Update  :  2025-07-28 15:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දකුණු අප්‍රිකාව ජයග්‍රහණය සොයා යයි
ජෙහැන්නස්බර්ග්

දකුණු අප්‍රිකාව ජයග්‍රහණය සොයා යයි

editorial - 2022 ජන මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ජයග්‍රහණය සොයා යන දකුණු අප්‍රිකානු පිතිකරුවෝ ජෙහැන්නස්බර්ග්හිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (5 වැනිදා) තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 2 ක් දැවී ලකුණු 118 ක් රැස්කිරිමට සමත්වූහ. ඒ අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායම ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 122 ක් පසුපසින් සිටින්නේය.

නායක ඩීන් එල්ගා ලකුණු 46 ක් සහ රාසී වැන්ඩර් ඩසන් ලකුණු 11 ක් ලබාගනිමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටින අතර තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 25 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමටද ඔවුන් සමත්වූහ.

ආරම්භක පිතිකරු ඒඞ්න් මාක්‍රම් ලකුණු 31 ක් ලබා සිටියදී ශර්දුල ඨාකූර්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගිය අතර ලකුණු 28 ක් ලබාසිටි කීගන් පීටර්සන්ද රවිචන්ද්‍රන් අශ්වින්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේය.

දෙවැනි දිනය වූ ඊයේ (4 වැනිදා) තරගය අවසන් කරන විට සිය දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි ඉන්දීය කණ්ඩායට අද දිනයේදී සියලුදෙනා දැවී රැස්කිරිමට හැකිවූයේ ලකුණු 266 ක් පමණි.

චෙතේෂ්වර් පුජාරා (53) සහ අජින්ක්‍යා රහනේ (58) අර්ධ ශතක ලබා පිත්තෙන් දස්කම් දැක්වූ අතර ලකුණු 40 ක් රැස්කරකළ හනුමා විහාරී ඉනිම අවසන් වනතෙක් නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ.

ලුන්ගි න්ගිඩි, මාර්කෝ ජැන්සන් සහ කගිසෝ රබාඩා කඩුලු 3 බැගින් දවාගනිමින් ඉන්දීය දෙවැනි ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට සමත්වූහ.

ඉන්දීය පළමු ඉනිම - සියලුදෙනා දැවී 202
(ලෝකේෂ් රාහුල් 50, මයන්ක් අගර්වාල් 26, හනුමා විහාරී 20, රවිචන්ද්‍රන් අශ්වින් 46, මාර්කෝ ජැන්සන් 31/4, ඩුඈන් ඔලිවර් 64/3, කගිසෝ රබාඩා 64/3)

දකුණු අප්‍රිකානු පළමු ඉනිම - සියලුදෙනා දැවී 229
(ඩීන් එල්ගා 28, කීගන් පීටර්සන් 62, ටෙම්බා බවුමා 51, කයිල් වේරියන් 21, මාර්කෝ ජැන්සන් 21, කේෂව් මහරාජ් 21, ශර්දුල් ඨාකූර් 61/7, මොහොමඞ් ශාමී 52/2)

ඉන්දීය දෙවැනි ඉනිම - සියලුදෙනා දැවී 266
(මයන්ක් අගර්වාල් 23, චෙතේෂ්වර් පුජාරා 53, අජින්ක්‍යා රහනේ 58, හනුමා විහාරී නොදැවී 40, ශර්දුල් ඨාකූර් 28, ලුන්ගි න්ගිඩි 43/3, මාර්කෝ ජැන්සන් 67/3, කගිසෝ රබාඩා 77/3)

දකුණු අප්‍රිකානු දෙවැනි ඉනිම - කඩුලු 2 ක් දැවී 118
(ඒඞ්න් මාක්‍රම් 31, ඩීන් එල්ගා නොදැවී 46, කීගන් පීටර්සන් 28)


අදහස් (0)

දකුණු අප්‍රිකාව ජයග්‍රහණය සොයා යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.