Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 39 වැනි තරගය ලෙස එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (6 වැනිදා) පැවැත්වෙන තරගයෙන් ලකුණු 10 ක ජයක් අත්කර ගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය. මෙම තරගයෙන් ජය ලැබුවද, දල ලකුණු වේගය අනුව ඕස්ට්‍රේලියාවට වඩා පසුපසින් සිටි බැවින් දකුණු අප්‍රිකාවට තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි විය.
සුපිරි 12 දෙනාගේ වටයේ පළමු කාණ්ඩය යටතේ පැවැති තරග සියල්ලමේ වන විට නිමා වී ඇත. එංගලන්තය, ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව තරග 4 බැගින් ජයගනිමින් ලකුණු 8 බැගින් සම ලකුණු ලබා සිටියද, දල ලකුණු වේගය අනුව එංගලන්තය (2.464) සහ ඕස්ට්‍රේලියාව (1.216) අවසන් පූර්ව වටයට පිවිසෙද්දී දකුණු අප්‍රිකාවට (0.739) අවසන් පූර්ව වටයට සුදුසුකම් නොලබාම තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය.
ජයග්‍රහණය සඳහා ලකුණු 190 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත කණ්ඩායම ඕවර 20 අවසානයේ ලකුණු 179 කට සීමා කිරීමට කගිසෝ රබාඩා ප්‍රමුඛ දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ සමත් වූහ. තරගය ජයගැනීම සඳහා එංගලන්ත පිතිකරුවන්ට අවසන් ඕවරයේදී ලකුණු 14 ක් රැස්කිරීමට සිදුවුවද, පළමු පන්දු තුනේදී කඩුලු ත්‍රිත්වයක්ද ලබාගනිමින් එම ඕවරය ලකුණු 3 කට සීමා කළ රබාඩා, දකුණු අප්‍රිකානු කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.
එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ මුයින් අලී පන්දු 27 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 37 ක් රැස්කළ අතර ඩේවිඩ් මලාන් පන්දු 26 කින් ලකුණු 33 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගිනි. කගිසෝ රබාඩා යැවූ 16 ඕවරයේ පළමු පන්දුවේදී මෙවර තරගාවලිය තුළ ක්‍රීඩයකු ගැසූ දීර්ඝතම හයේ පහර (මීටර් 112) ගැසූ ලයෑම් ලිවිංග්ස්ටන්, පන්දු 17 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමග රැස්කළ ලකුණු සංඛ්‍යාව 28 කි.
කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායමේ නායක ඔයින් මෝගන්ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානුවෝ ඕවර 20 අවසන් වන විට කඩුලු 2 ක් දැවී ලකුණු 189 ක් ලබාගත්හ. එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ රාසි වැන්ඩර් ඩසන් පන්දු 60 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 94 ක් රැස්කරමින් දකුණු අප්‍රිකානු ඉනිමේ කොඳු නාරටිය බවට පත්විය.
ආරම්භක පිතිකරු රීසා හෙන්ඩ්‍රික් ලකුණු 8 ක් ලබා සිටියදී පළමු කඩුල්ල ලෙස දැවී ගියද, ක්වින්ටින් ඩි’කොක් (34) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 52 කදී ලකුණු 71 ක සම්බන්ධතාවක් ගොඩනැගූ වැන්ඩර් ඩසන්, ඉන් නොනැවතී ඒඩ්න් මාක්‍රම් (නොදැවී 52) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 52 කදී ලකුණු 103 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.
පන්දු 25 කට මුහුණදුන් මාක්‍රම් හයේ පහර 4 කින් සහ හතරේ පහර 2 කින් සිය 6 වැනි විස්සයි-20 අර්ධ ශතකය සැරසූ අතර පන්ද 27 කදී වාර්තා වූ ඩි’කොක්ගේ ඉනිමට හතරේ පහර 4 ක් ඇතුළත් විය. දකුණු අප්‍රිකානු ඉනිමේ බිඳ වැටුණ කඩුලු 2 මුයින් අලී සහ ආදිල් රෂීඩ් අතරේ බෙදී ගිය අතර ක්‍රිස් වෝක්ස්ගේ ඕවර 4 දී ලකුණු 43 ක්ද, මාක් වුඩ්ගේ ඕවර 4 දී ලකුණු 47 ක්ද රැස්කිරීමට දකුණු අප්‍රිකානු පිතිකරුවෝ සමත් වූහ.
දකුණු අප්‍රිකාව - ඕවර 20 කදී කඩුලු 2 කට 189
(ක්වින්ටින් ඩි’කොක් 34, රාසි වැන්ඩර් ඩසන් නොදැවී 94, ඒඩ්න් මාක්‍රම් නොදැවී 52)
එංගලන්තය - ඕවර 20 කදී කඩුලු 8 කට 179
(ජේසන් රෝයි 20, ජොස් බට්ලර් 26, මුයින් අලී 37, ඩේවිඩ් මලාන් 33, ලයෑම් ලිවිංග්ස්ටන් 28, ඔයින් මෝගන් 17, කගිසෝ රබාඩා 48/3, තබ්‍රේස් ශම්සි 24/2, ඩ්වේන් ප්‍රිටෝරියස් 30/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.