කොළඹදී පැවැත්වෙන ආසියානු වයස 16 න් පහළ පැසිපන්දු තරගාවලියේ ඊයේ (25 වැනිදා) පැවැති තරගයකදී තායිලන්ත කණ්ඩායම ශී‍්‍ර ලංකාව පරදවා 82 -51 ක පහසු ජයක් ලබා ගැනීමට සමත් විය. ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙම තරගාවලියේදී මුහුණ දුන් තුන්වැනි තරගය මෙය වන අතර ශී‍්‍ර ලංකා පිල එම තරග තුනේදීම පරාජය විය.
ශී‍්‍ර ලංකා පිල පළමු කාර්තුව නිම වන විටත් පසු බෑමකට ලක්ව සිටි අතර තරගය ආරම්භ වී විනාඩි 10 ක් යාමටත් මත්තෙන් ශී‍්‍ර ලංකා කණ්ඩායම පසුකර ලකුණු 10 කට වැඩි පරතරයක් පවත්වා ගනිමින් තායිලන්ත කී‍්‍රඩිකාවෝ ඉදිරියටම ගියහ.
ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ආරක්ෂණ ක්‍රමවේද ඉතාමත් දුර්වලව පැවැති අතර සෑම කාර්තුවකදීම තායිලන්ත කී‍්‍රඩිකාවෝ ශී‍්‍ර ලංකා පිල පසුකරමින් ඉදිරියට ගියහ.
සඳුනි ද සිල්වා ශී‍්‍ර ලංකා කණ්ඩායම වෙනුවෙන් ලකුණු 21 ක් ද, නිර්මා සසන්ති 15 ක්ද සහ දිලූමි ගුණවර්ධන ලකුණු 10 ක්ද රැස් කළහ.
රුජිවාන් බුන්සිනප්රොම් (14), අම්හවා තුවාමොන් (14) සහ වැන්චොනොක් සිරිහුන්තෙනුන් (12) තායිලන්ත පිල වෙනුවෙන් ලකුණු ලබාගත්හ.
මීට පෙර පැවැති තරග වලදී ජෝර්දානය විසින් ලකුණු 77-50 කින්ද හොං කොං කණ්ඩායම විසින් ලකුණු 57-46 ක් ලෙසින්ද ශී‍්‍ර ලංකා කණ්ඩායම පරාජය කරන ලදි.
004
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.