Last Update  :  2025-12-22 11:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story තංගරාජා - සංඛ අවසන් තරගයට එති

තංගරාජා - සංඛ අවසන් තරගයට එති

ශනුක අරවින්ද - 2013 අගෝ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික ටෙනිස් ශූරතාවලියේ විවෘත අංශයේ පිරිමි කේවල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට දිනේෂ්කාන්තන් තංගරාජා සහ සංඛ අතුකෝරාල යන අද (22 වැනිදා) සමත්වූහ.

අද පැවති අවසන් පූර්ව වටයේ පළමු තරගයේදී පාකිස්තාන කී‍්‍රඩක හීරා ආෂික් පරාජය කරමින් දිනේෂ්කාන්තන් තංගරාජා අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.

සංඛ අතුකෝරාල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ අවසන් පූර්ව වටයේ දෙවැනි තරගයේදී අම්රේෂ් ජයවික‍්‍රම පරාජය කරමිනි.

රොෂෙන්කා ප‍්‍රනාන්දු සහ අම්රිතා මුත්තයියා කාන්තා කේවල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ.

අවසන් පූර්ව වටයේ තරග වලදී රොෂෙන්කා ප‍්‍රනාන්දු විසින් කාවින්ද්‍ය ද සිල්වාද, අම්රිතා මුත්තයියා විසින් තෙව්නි දේවරාජාද පරාජය කරනු ලැබූහ.

තරගාවලියේ විවෘත අංශයේ පිරිමි සහ කාන්තා යුගළ අවසන් මහ තරග දෙක හෙට පැවැත්වීමට නියමිතය.
 

විවෘත (පිරිමි කේවල) අවසන් පූර්ව වටයේ තරග ප‍්‍රතිඵල

  • දිනේෂ්කාන්තන් තංගරාජා විසින් තරග වට 3 - 0 ක් ලෙස හීරා ආෂික් පරාජය කරන ලදී. (6/2, 6/3, 6/2)
  • සංඛ අතුකෝරාල විසින් තරග වට 3 - 2 ක් ලෙස අම්රේෂ ජයවික‍්‍රම පරාජය කරන ලදී. (7/5, 5/7, 6/2, 3/6, 6/4)

විවෘත (කාන්තා කේවල) අවසන් පූර්ව වටයේ තරග ප‍්‍රතිඵල

  • රොෂෙන්කා ප‍්‍රනාන්දු විසින් තරග වට 2 - 0 ක් ලෙස කාවිනද්‍ය ද සිල්වා පරාජය කරන ලදී. (6/2, 6/2)
  • අම්රිතා මුත්තයියා විසින් තරග වට 2 - 1 ක් තෙව්නි දේවරාජා ජයවර්ධන පරාජය කරන ලදී. (3/6, 6/4, 6/4)

 


අදහස් (0)

තංගරාජා - සංඛ අවසන් තරගයට එති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.