Last Update  :  2025-12-21 19:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story තංගරාජා දිගටම බංකුවේ

තංගරාජා දිගටම බංකුවේ

ශනුක අරවින්ද - 2015 ජුලි මස 16 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ශ්‍රී ලංකාව සහ ලෙබනනය අතර හෙට (17 වැනිදා) ආරම්භ වන ඬේවිස් කුසලාන ආසියා ශාන්තිකර කලාපීය II වැනි කාණ්ඩයේ තරගාවලියේදී තරග වැදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවේ අංක එකේ කී‍්‍රඩක දිනේෂ්කාන්තන් තංගරාජාට අහිමිවී තිබේ.

මෙම තරගාවලියට සහභාගී වන කී‍්‍රඩකයන් සිව්දෙනකුගන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමට තංගරාජා ඇතුළත්ව සිටියද, ශ්‍රී ලංකා ටෙනිස් සංගමය විසින් අද (16 වැනිදා) දිනයේදී නිකුත් කරන ලද තරග කාලසටහනට ඔහුගේ නම ඇතුළත් වී නැත.

කණ්ඩායමට ඇතුළත් වුවත් තංගරාජා මේ දින වලදී සිය සුපුරුදු දස්කම් අතර නොසිටීම, ඔහුගේ නම තරගාවලියේ කාලසටහනට ඇතුළත් නොවීමට හේතු වූ බව අප කළ විමසීමකදී ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ නිලධාරියෙක් ‘ලංකාදීප’ යට පවසා සිටියේය.

”මේ තරගාවලිය අපට ඉතාම තීරණාත්මක තරගාවලියක්. මෙකෙන් පරාද වුනොත් අපිට II වැනි කාණ්ඩයෙන් III වැනි කාණ්ඩයට වැටෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ වෙලාවේ අපේ හොඳම කී‍්‍රඩකයන් යොදවලා කොහොම හරි තරගාවලිය ජය ගැනීම තමා අපේ එකම අරමුණ” හෙතෙම තව දුරටත් පැවසීය.

හර්ෂණ ගොඩමාන්න, ශාමාල් දිසානායක, දිනේෂ්කාන්තන් තංගරාජා, සහ සංඛ අතුකෝරාල යන කී‍්‍රඩකයන් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන අතර එහි උපාය විශේෂඥ නායකයා ලෙස රොහාන් ද සිල්වා කටයුතු කරයි.

ගියොවානි සමාහා, හාඩි හබීබ්, ජාඞ් බොල්ලවුට් සහ ඊබ්‍්‍රහීම් අබූ චහීන් යන කී‍්‍රඩකයන්ගෙන් ලෙබනන කණ්ඩායම සමන්විත වන අතර හුසේන් බැඞ්ඩි‍්‍රඩයින් එහි නායකත්වය දරයි.

මෙහි සියලූම තරග කොළඹ ටෙනිස් සංගම් මූලස්ථාන කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

තරග කාලසටහන

17 වැනිදා : පෙ. ව. 10.00 (කේවල තරග)
ශාමාල් දිසානායකට එරෙහිව ජාඞ් බොල්ලවුට්
හර්ෂණ ගොඩමාන්න එරෙහිව හාඩි හබීබ්

18 වැනිදා : පෙ. ව. 10.00 ට (යුගළ තරගය)
ශාමාල් දිසානායක සහ හර්ෂණ ගොඩමාන්නට එරෙහිව ගියොවානි සමාහා සහ ජාඞ් බොල්ලවුට්

19 වැනිදා : පෙ. ව. 10.00 ට (කේවල තරග)
හාඩි හබීබ්ට එරෙහිව ශාමාල් දිසානායක
ජාඞ් බොල්ලවුට්ට එරෙහිව හර්ෂණ ගොඩමාන්න 


අදහස් (1)

තංගරාජා දිගටම බංකුවේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.