Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
කොළඹ ටොරින්ටන් පෙදෙසේ ක්‍රීඩා අමාත්‍යාංශ නේවාසිකාගාරයේ මෙතෙක් නතරව සිටි සියලුම පිටස්තර නේවාසිකයන් පිටමන් කිරීමට කටයුතු කර තිබේ. ක්‍රීඩක ක්‍රීඩිකාවන් හැරෙන්නට ක්‍රීඩා පුහුණුකරුවන්ගේ නවාතැන් පහසුකම් සඳහා පමණක් මෙහි අවසර හිමිව තිබුණි.
පසුගිය කාලය පුරා මෙහි ක්‍රීඩා අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලවලට අයත් නිලධාරීන් හා සේවකයන් විශාල පිරිසක් ද අනවසරයෙන් මෙහි නවාතැන් ගෙන සිටි බව වාර්තා වේ. මෙම තත්වය සැළකිල්ලට ගනිමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා පුහුණුකරුවන් නොවන සෙසු සියලුම නේවාසිකයන්ට එයින් ඉවත්වන ලෙස ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා නොබෝදා නියෝගයක් ලබා දී තිබේ. ඒ ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදිය.
නියෝගය ලැබීමෙන් පසුව ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා පුහුණුකරුවන් නොවන අමාත්‍යාංශයේ වෙනත් රාජකාරි කටයුතුවල නිරත වෙමින් මෙහි නවාතැන් ගෙන සිටි බව කියන රියදුරන්, සුළු සේවකයන් ඇතුළුව 40 දෙනකුට ආසන්න පිරිසක් ඉවත්ව ගොස් තිබේ.
මෙම නේවාසිකාගාරයේ 150 දෙනකුට ආසන්න පිරිසකට නවාතැන් පහසුකම් ලබාගත හැකිය. ජාතික ක්‍රීඩා පුහුණු සංචිතවලට ඇතුළත්, කොළඹ දී පුහුණුවීම් කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා පුහුණුකරුවන් සඳහා වෙන්ව තිබූ මෙම නේවාසිකාගාරයේ පිටස්තරයන් රැඳී සිටීම ගැන පසුගිය කාලය පුරා පැමිණිලි ඉදිරිපත්ව තිබිණ.
වසර 2010 දී පමණ සිට මෙම නේවාසිකාගාරය ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා පුහුණුකරුවන් සඳහා නොමිලේ ලබා දීමට ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු කර තිබේ. මේ වනවිට ටොරින්ටන් පෙදෙසේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු ක්‍රීඩා සංකීර්ණය නවීකරණය කිරීම සඳහා වන සංවර්ධන සැලැස්මක් එළිදක්වා තිබේ. ඒ යටතේ එහි පැරැණි නේවාසිකාගාර ගොඩනැගිල්ලේ කොටසක් චෙස්, කැරම්, මල්ලවපොර හා වුෂු යන ජාතික ක්‍රීඩා සංගම්හි කාර්යාල ස්ථාපිත කිරීමට දීමට තීරණය වී තිබේ. එහි පහත මාලය එළිමහන් ස්ථානයක් ලෙස සකස් කරමින් දෛනික පුහුණුවීම් සඳහා ටොරින්ටන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු ක්‍රීඩාංගණයට පැමිණෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ප්‍රයෝජනය සඳහා වෙන් කිරීමට තීරණය වී තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.