ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සංගම සංවිධානය කළ ජාතික තරගාවලියේ පිරිමි සහ කාන්තා ශූරතා ද්විත්වයම හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ. රන් පදක්කම් 9 ක්, රිදී පදක්කම් 6 ක් සහ ලෝකඩ පදක්කම් 3 ක් දිනාගනිමින් ඔවුහු එම ශූරතාවලට හිමිකම් කීහ.
ක්‍රීඩා අමාත්‍යංශ ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනගැනීමට කිලෝ ග්‍රෑම් 62-67 බර පංතියෙන් තරග වැඳුණ ගුවන් හමුදාවේ නායක ගුවන් කාන්තා ආර්.ඒ.එස්. රණතුංග සමත් වූවාය.
ගුවන් හමුදාව පිට පිටම පිරිමි සහ කාන්තා ජාතික ටයිකොන්ඩෝ ශූරතා ද්විත්වයම හිමිකරගත් තෙවැනි අවස්ථාව මෙයයි. එම්.ආර්. රොමේෂ් රත්නසේකර මහතා ගුවන් හමුදා ටයිකොන්ඩෝ කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරයි.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.