Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර්ජාතික බොක්සිං ක්රීඩාවේ මතභේදාත්මක සිදුවීම් සම්බන්ධයෙන් නොමැකෙන නමක් හිමි හිටපු හෙවිවේට් බොක්සිං ශූරයකු වන මයික් ටයිසන් ගුවන් යානයක් තුළදී මගියකුට දිගින් දිගටම මුෂ්ඨී ප්රහාර දී තිබේ. මෙම ගුවන් යානය ඇමරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝ නුවර සිට පිටතට පියාසර කිරීමට සූදානම් වූවා පමණි.
මෙම ගුවන් මගියා මයික් ටයිසන්ට දිගින් දිගටම කතාකිරීමේදී එයින් කෝපයට පත්වූ හිටපු බොක්සිං ශූරයා ඔහුට පහර දී තිබේ.
පසුපසින් සිටි තවත් ගුවන් මගියකුගේ දුරකතනයේ සටහන් වූ වීඩියෝවකින් පෙන්නුම් කරනුයේ තමන් වාඩීවී සිටි අසුනේ පසුපසට ඇදුණු 55 හැවිරිදි ටයිසන්, ගුවන් මගියාට දිගින් දිගටම මුෂ්ඨි පහර ගණනාවක් දුන් බවයි. අනතුරුව ගුවන් මගියාගේ මුහුණේ ඉදිමීම් මෙන්ම රුධිර වහනයද දක්නට ලැබිණ.
බොක්සිං වළල්ලේ තරග කළ සමයේදී අද්වීතීය තරගකරුවකු වූ මයික් ටයිසන් බොහෝ දෙනා විසින් හඳුන්වන ලද්දේ “යකඩ මයික්” යනුවෙනි.
දෙදෙනාම ගුවන් යානයට ගොඩවීමේදී සුහදව සිට ඇත. එහෙත් මගියා විසින් කිසියම් කරුණක් දිගින් දිගටම කියා පාමින් ටයිසන්ගේ කෝපය ඇවිස්සීමට උත්සාහ කර තිබේ.
“එයා ටයිසන්ගේ කනට කරලා දිගින් දිගටම ඒක මේක කිව්වා... ටයිසන් එවේලේත් කිව්වා ටිකක් සන්සුන් වෙන්න කියලා. ඒත් මිනිහා නැවැත්තුවේ නෑ.... ඒ පාර තමයි ටයිසන් අපසු හැරිලා දිගින් දිගටම මිනිහාගේ මූණට ඇනගෙන ඇනගෙන ගියේ...” යයි සිද්ධිය ඇසින් දුටුවෙක් පැවසීය.
ගුවන් යානය ගුවන්ගතවීමට පෙර ටයිසන් ගුවන් යානයෙන් බැසගිය බවද වාර්තා වේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් එක්සත් ජනපද පොලිස් සේවය හෝ ජෙට්බ්ලූ ගුවන්සේවය කිසිවක් ප්රකාශ කර නැත.
ලෝක බොක්සිං ඉතිහාසයේ විශිෂ්ටතම හෙවිවේට් ශූරයකු ලෙසින් සැලකෙන මයික් ටයිසන්, 1997 දී පැවැති බොක්සිං තරගයකදී, තවත් ශූරයකු වන එවැන්ඩර් හෝලිෆීල්ඩ්ගේ කණ සපා කා එයින් කෑල්ලක් කඩා දැම්මේය. කොකේන් භාවිතයට ඇබ්බැහි වී සිටින අයකු ලෙසින් හැඳින්වෙන ටයිසන්, ස්ත්රී දූෂණ චෝදනාවකටත් වරදකරු විය.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.