Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (3 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ඉන්දීය කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 448 ක් ලබා සිටියේය.
ඒ අනුව ඉන්දීය කණ්ඩායම තවත් කඩුලු 5 ක් අතැතිව කොදෙව් කණ්ඩායමට වඩා ලකුණු 286 ක් ඉදිරියෙන් සිටින අතර දෙවැනි දිනය නිමාවට පත්වන විට කඩුල්ලේ රැදී සිටි රවින්ද්‍ර ජදේජා හයේ පහර 5 ක් සහ හතරේ පහර 6 ක් සමග නොදැවී ලකුණු 104 ක් ලබා කඩුල්ලේ රැදී සිටියේය. එය ඔහුගේ 6 වැනි ටෙස්ට් ශතකය විය.
ධෘව් ජුරෙල් (125) සමග එක්ව 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 206 ක සම්බන්ධතාවක් ගොඩගැනීමටද ජදේජා සමත් වූ අතර ජුරෙල්ගේ මංගල ටෙස්ට් ශතකය හයේ පහර 3 කින් සහ හතරේ පහර 15 කින් සමන්විත විය. නායක ශුබ්මන් ගිල් ලකුණු 50 ක් රැස්කළේ හතරේ පහර 5 ක් සමගිනි.
පළමු දිනය අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 121 ක් ලබා සිටි ඉන්දීය ක්‍රීඩකයෝ, අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 327 ක් එක්කර ගැනීමට සමත් වූහ. එහිදී සිය 11 වැනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමට ආරම්භක පිතිකරු ලොකේෂ් රාහුල් සමත් වූයේ එය හතරේ පහර 12 කින් අලංකාර කරමිනි.
කොදෙව් පළමු ඉනිම - සියලු දෙනා දැවී 162
(රොස්ටන් චේස් 24, ශායි හෝප් 26, ජස්ටින් ග්‍රේව්ස් 32, මොහොමඩ් සිරාජ් 40/4, ජස්ප්‍රීට් බුම්රා 43/3, කුල්දීප් යාදව් 25/2)
ඉන්දීය පළමු ඉනිම - කඩුලු 5 ක් දැවී 448
(යශස්වි ජයිස්වාල් 36, ලෝකේෂ් රාහුල් 100, ශුබ්මල් ගිල් 50, ධෘව් ජුරෙල් 125, රවින්ද්‍ර ජදේජා නොදැවී 104, රොස්ටන් චේස් 90/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.