ජාතික කඩු හරඹ සංගමය සංවිධානය කරන තෙවැනි ජාතික කඩු හරඹ ශුරතාවලිය මේ මස 30 සහ 31 දෙදින රත්මලානේදී පැවැත්වේ.
ප‍්‍රධාන වශයෙන් ෆොයිල්, එපී, සබ්රේ යන කාණ්ඩ 3 යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේදී පිරිමි සහ කාන්තා අංශ සඳහා කේවල සහ කණ්ඩායම් වශයෙන් තරග පැවැත්වේ.
කී‍්‍රඩා සමාජ 9 ක් නියෝජනය කරමින් කී‍්‍රඩකයන් 87 ක් සහ කී‍්‍රඩිකාවන් 40 ක් මෙවර තරගාවලිය සඳහා එක්ව සිටිති.
කේවල අංශයේ මූලික වටයේ තරග වලින් එක් එක් අසිපත් කාණ්ඩ යටතේ (ෆොයිල්, එපී, සබ්රේ) ඉහළම දස්කම් දක්වන කඩු හරඹ කී‍්‍රඩකයන් 8 දෙනා බැගින් තෝරාගෙන, අර්ධ අවසන් පූර්ව වටයට යොමු කෙරේ.
එහි අවසන් වටයට සුදුසුකම් ලබාගන්නා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට රන් සහ රිදී පදක්කම් හිමිවන අතර තෙවැනි ස්ථානය තෝරාගැනීමේ තරගයකින් තොරවම අවසන් පූර්ව වටයෙන් පරාජය වන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට ලෝකඩ පදක්කම් හිමිවේ.
කණ්ඩායම් අංශයේ තරග වලදී එක් කණ්ඩායමකට ෆොයිල් කී‍්‍රඩකයකු, එපී කී‍්‍රඩකයකු, සබ්රේ කී‍්‍රඩකයකු, ෆොයිල් කී‍්‍රඩිකාවක, එපී කී‍්‍රඩිකාවක, සබ්රේ කී‍්‍රඩිකාවක, මිශ‍්‍ර ආයුධ කී‍්‍රඩකයකු සහ මිශ‍්‍ර ආයුධ කී‍්‍රඩිකාවක බැගින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 8 දෙනකු සිටිය යුතුය.
කණ්ඩායම් තරග ආදේශක පදනමෙන් පැවැත්වේ. එක් කණ්ඩායමක් තවත් කණ්ඩායමක් සමග තරගවදින විට එකම කඩු භාවිතා වන අතර කී‍්‍රඩිකාවන් ප‍්‍රතිවිරුද්ධ කණ්ඩායමේ කී‍්‍රඩිකාවන් සමගද, කී‍්‍රඩකයන් ප‍්‍රතිවිරුද්ධ කණ්ඩායමේ කී‍්‍රඩකයන් සමගද සටන්වැදීම සිදුවේ.
තරගාවලියේදී සමස්ත ශූරතාව සහ සමස්ත අනුශූරතාවට අමතරව මෙහිදී දක්ෂතම කඩු හරඹ කී‍්‍රඩකයා සහ කී‍්‍රඩිකාව සඳහාද මෙහිදී කුසලාන පිරිනැමීමට සංවිධායක මණ්ඩලය සූදානමින් සිටියි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.