Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසුව මහේල ජයවර්ධන මහතා සභාපති ධුරය දරන ජාතික ක්‍රීඩා සභාවේ වත්මන් නිල කාලය සම්බන්ධයෙන් මතගැටුමක් ඇති වී තිබේ. හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජාතික ක්‍රීඩා සභාවේ වත්මන් නිලධාරි මණ්ඩලය ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා අතින් පත්වීම් ලිපි ලබාගත්තේ වසර 2020 අගෝස්තු 20 වැනිදාය.
ක්‍රීඩා ඇමැතිවරයාට උපදෙස් දීම හා රටේ ක්‍රීඩාවේ දියුණුවට උපදෙස් දීම සඳහා පත් කෙරෙන ජාතික ක්‍රීඩා සභාවේ වත්මන් නිලධාරි මණ්ඩලය 14 දෙනකුගෙන් සමන්විතය. එහි වත්මන් සාමාජිකයන් අතර ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර, වත්මන් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා ද සිටිති.
ජාතික ක්‍රීඩා සභාව, ක්‍රීඩා ඇමැතිවරයාට උපදෙස් දීම සඳහා පත් කෙරෙන ඒකකයක් ලෙස ක්‍රීඩා පනතේ එක් තැනක සඳහන් වන අතර එහි තවත් වගන්තියකින් දක්වා ඇත්තේ ජාතික ක්‍රීඩා සභාවේ නිල කාලය වසර තුනක් දක්වා බල පැවැත්වෙන බවයි. එහෙත් හිටපු ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතාගේ හදිසි ඉල්ලා අස්වීමත් සමඟ ජාතික ක්‍රීඩා සභාවේ නිල කාලය ක්‍රීඩා පනතේ වගන්තිවලට අනුකූලව අවසන් වන බව අර්ථකථනය කෙරී තිබේ.
එබැවින් වත්මන් නිලධාරි මණ්ඩලයට නිල කාලය අවසන් වන තුරු කටයුතු කිරීමේ අවස්ථාව සැලසී ඇති නමුත් ක්‍රීඩා සභාවේ නිල කාලය පිළිබඳව තවදුරටත් පැහැදිලි කරගත යුතුව ඇති බවත් එහි සාමාජික ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා ‘ලංකාදීප’ය කළ විමසුමකදී පැවැසීය.
නිල කාලය අවසන් වනතුරු ජාතික ක්‍රීඩා සභාවේ වත්මන් නිලධාරීන්ට කටයුතු කළ හැකි නම් එය අවසන් වන්නේ 2023 අගෝස්තු 20 වැනිදාය.
හිටපු ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා විසින් මහේල ජයවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් ජාතික ක්‍රීඩා සභාවට පුළුල් බලතල පවරන ලදි.
ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කණ්ඩායම් ජාත්‍යන්තර තරග සඳහා ඉදිරිපත් වීමේදී ඒ සඳහා මුදල් අනුමැතිය මෙන්ම ජාතික ක්‍රීඩා සංගම් සඳහා මූල්‍ය ප්‍රතිපාදන අනුමත කිරීමේත් බලතල ජාතික ක්‍රීඩා සභාව වෙත පවරා දී තිබේ.
ජාතික ක්‍රීඩා සභාවේ විශේෂ රැස්වීමක් අද (4) පස්වරුවේදී පැවැත්වීමට නියමිතව තිබුණි. එහි සභාපති මහේල ජයවර්ධන මහතා ඇතුළු නිලධාරි මණ්ඩලය ඉල්ලා අස්වීමට සූදානමින් සිටි බවද දැනගන්නට ලැබිණ.
රොවේනා සමරසිංහ, සංජීව වික්‍රමනායක, ජුලියන් බෝලිං, යෂ්වන්ත් මුත්තෙට්ටුවගම, සුපුන් වීරසිංහ, කස්තුරි විල්සන්, රුවන් කෑරගල, රජිත අම්පෙමොහොට්ටි, රොහාන් ප්‍රනාන්දු, ඩිලන්ත මාලගමුව යන මහත්ම මහත්මීහු ජාතික ක්‍රීඩා සභාවේ සෙසු නිලධාරීහු වෙති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.