Last Update  :  2025-09-14 20:03:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ජාතික ක්‍රීඩා සභාව ඉල්ලා අස්වෙයි

ජාතික ක්‍රීඩා සභාව ඉල්ලා අස්වෙයි

editorial - 2022 අප්‍රේ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

මහේල ජයවර්ධන මහතාගේ සභාපතීත්වයෙන් යුත් ජාතික ක්‍රීඩා සභාවේ නිලධාරි මණ්ඩලය ඊයේ (5 වැනිදා) ඉල්ලා අස්විය.  එහි අවසන් රැස්වීම පෙරේදා (4 වැනිදා) රාත්‍රියේ ක්‍රීඩා අමාත්‍යංශයේදී පැවැත්වුණි. 

මෙම රැස්වීම සඳහා, ජාතික ක්‍රීඩා සභාවේ සභාපති මහේල ජයවර්ධන මහතා සහ සාමාජික කුමාර් සංගක්කාර මහතා සූම් තාක්‍ෂණය ඔස්සේ  සම්බන්ධ වූහ. ඔවුන් දෙදෙනාම, මේ වනවිට ඉන්දියාවේ පැවැත්වෙන අයි.පී.එල්. තරගාවලියේ පුහුණුකරුවෝ ලෙසින් කටයුතු කරති. 

ජාතික ක්‍රීඩා සභාවේ හිටපු නිලධාරි මණ්ඩලයේ ඉල්ලා අස්වීම සාමුහික තීරණයක් ලෙස ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් අනුරාධ විජේකෝන් මහතාට දැනුම් දීමට එහිදී තීරණය විය.  ක්‍රීඩා සභාවේ සාමාජිකයකු ලෙස මෙතෙක් කටයුතු කළ ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා පැවසුවේ මේ වනවිට ක්‍රීඩා ඇමැතිවරයා ඉල්ලා අස්වී සිටින බැවින්, ජාතික ක්‍රීඩා සභාවේ වත්මන් නිලධාරී මණ්ඩලය ඉල්ලා අස්වීමෙන් ගැටලුවක් පැන නොනගින බවයි. ඉදිරියේදී පත්වන නව ඇමැතිවරයාට ඒ සඳහා නව නිලධාරී මණ්ඩලයක් පත්කර ගැනීමේ අවස්ථාව හිමිවන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. 

මහේල ජයවර්ධන මහතාගේ සභාපතීත්වයෙන් යුත් ජාතික ක්‍රීඩා සභාවේ නිලධාරීන් පත්කරන ලද්දේ 2020 අගෝස්තු 20 වැනිදාය.  ඉවත්ව ගිය ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයන් 14 දෙනකු කටයුතු කළ අතර වත්මන් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ද ඊට ඇතුළත් විය.


අදහස් (0)

ජාතික ක්‍රීඩා සභාව ඉල්ලා අස්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.